July 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොරතෙල් මිල සංශෝධනය වෙයි..!

1 min read

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව එයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළි ඉහළ ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම තත්ත්වය තුළ ඉරාන – අමෙරිකානු ගැටුම කෙටිකාලීනව හෝ විසඳෙනු ඇතැයි පැවති අපේක්ෂා බිඳ වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව ඊයේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 7කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 90 සීමාව මේ වනවිට ඉක්මවා ගොස් තිබේ.

WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.45ක් ලෙස ඉහළ ගොස් ඇත.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මැදපෙරදිග උණුසුම් වන ආරක්ෂක තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත්, ඉදිරි දිනවලදී ගෝලීය බලශක්ති වෙළෙඳපොළ සහ මූල්‍ය වෙළෙඳපොළ තවදුරටත් අස්ථාවර විය හැකි බවය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x