බුද්ධි අංශ පාවා දෙන්න එපා.. – හිටපු හමුදාපති මහේෂ් සේනානායක රජයෙන් ඉල්ලයි..
1 min read
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බුද්ධි අංශ පාවා නොදෙන ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා වත්මන් රජයෙන් ඉල්ලීමක් කර සිටියි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, සුරේෂ් සලේ යනු දක්ෂ බුද්ධි අංශ නිලධාරියෙකු බවත්, යුද්ධයේදී ඔහු තම රාජකාරිය උපරිම කැපවීමෙන් ඉටුකළ බවත්ය.
එබැවින් යම් යම් පටු අරමුණු වෙනුවෙන් බුද්ධි තොරතුරු හෝ බුද්ධි නිලධාරීන් පාවාදීමට ලක් නොකර ඔවුන්ගේ සුරක්ෂිතභාවය සහ ගෞරවය තහවුරු කිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙස හිටපු හමුදාපතිවරයා වත්මන් රජයෙන් ඉල්ලා සිටී.
