June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට CIDයෙන් චෝදනා නෑ…කොටින්ට විරුද්ධව සටන් කළායි චෝදනා…!

1 min read

ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බව අද අධිකරණයේදී තහවුරු වූ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර දිසානායක මඩකලපුවේදීද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදීද පිල්ලෙයාන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ අනුව තහවුරු වන බවයි.

එසේම පිල්ලෙයාන් පසුගිය යුද සමයේ නිල හමුදාවක සාමාජිකයෙක් නොවී ආයුධ දරමින් කොටි සංවිධානයට එරෙහිව සටන් කිරීම වරදක් බවටද ඔහු කිසිසේත් නොදන්නා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා අතුරුදහන් කළ බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කර ඇතැයිද ගම්මන්පිල චෝදනා කරයි.

පිල්ලෙයාන් තව දුරටත් බන්ධනාගාරගත කිරීමට අධිකරණය ගත් තීරණයට විරුද්ධව අභියාචනාධිකරණයට යන බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x