June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ධවල මන්දිරය අසල වෙඩි තැබීම සිදුකළ සැකකරු ගැන තොරතුරු හෙළිවෙයි

1 min read

ධවල මන්දිරය අසල වෙඩි තැබීම සිදුකළ සැකකරු නසීර් බෙස්ට් නම් 21 හැවිරිදි අයෙකු බවට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට වේලාවෙන් ඊයේ (23) පස්වරු 6ට පමණ ධවල මන්දිරය අසලට පැමිණි පුද්ගලයෙකු විසින් ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර ආරක්ෂක අංශ විසින් සිදුකළ ප්‍රතිප්‍රහාරවලදී වෙඩි තැබීම සිදුකළ සැකකරු මියගොස් තිබුණි.

නසීර් බෙස්ට් නම් මෙම සැකකරු කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙකු බව ද සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

එමෙන්ම ඔහු පසුගිය වසරේ ජුලි මාසයේ දී ද ධවල මන්දිරයට ඇතුළු වීමට උත්සහ කිරීමේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබූ අයෙකු බවට ද අනාවරණය වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x