June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලර් එකක් ණය ගත්තොත් ගෙවන්නේ ඩොලර් එකයි. රුපියල අවප්‍රමාණය වුණාට ණය වැඩිවෙලා නෑ – ඇමති අනිල්

1 min read

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ ණය වැඩිවීමක් සිදුවී නොමැති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

“ඩොලර් මිලියන 700ක් අපට ලැබෙනවායි කියන එකේ, අපට ඒ ලැබෙන ඩොලර් මිලියන 700 කිසිදු ආකාරයකට වෙනස් වෙන්නෙ නෑ. ඇත්තටම අපේ රාජ්‍ය ණය වාර්තා කිරීමේදී අපි පාර්ලිමේන්තුව ගනුදෙනු කරන්නෙ රුපියල්වලින්. අපි රිපෝටින් කරන්නෙ රුපියල්වලින්. එතකොට ඉතාම පැහැදිලියි ඩොලර් එකක් ණය ගත්තොත්, අපි ගෙවන්න ඕනෙ ඩොලර් එකක්. මම පැහැදිලි කරන්නම්. ඩොලර් එකක් ණය ගත්තොත් අපට ඩොලර් එකක් ලැබෙනවා, ගෙවන්න තියෙන්නෙ ඩොලර් එකයි. ඒ ඩොලර් ණය ප්‍රමාණය වෙනස් වෙන්නෙ නෑ. හැබැයි ඩොලර් එක ගන්නකොට රුපියල් 300 යි, දැන් 330 යි නම් රුපියල් ණය ප්‍රමාණය වැඩිවෙනවා. ඒකෙ අනිත් පැත්ත, මේ වාර්තාකරණයේදී අපි පාර්ලිමේන්තුවට රුපියල්වලින් වාර්තා කරන ගමන්ම ජාත්‍යන්තර ගනුදෙනුවලදී, ඒ අවශ්‍යතාවලදී අපි ඩොලර්වලින් වාර්තා කරනවා. එතකොට ඩොලර්වලින් වාර්තා කරද්දී මේ 700 නම් IMF එකේ ණය, ඒ 700 ම තමයි. හැබැයි අපි ලංකාව ඇතුළෙ දේශීයව අරන් තියෙනවා බිල්පත්වලින්, බැඳුම්කරවලින්. ඒක ඩොලර්වලට පරිවර්තනය කිරීමේදී මොකද වෙන්නෙ, ඒකෙ අනිත් පැත්ත. ඒ නිසා මේකෙ වඩාත් වැදගත් වෙන්නෙ ඩොලර්වලින් ණය ගැන කතා කරනකොට ඩොලර්වලින් සාකච්ඡා කරන එකත්, රුපියල්වලින් ලබාගන්නකොට රුපියල්වලින් සාකච්ඡා කරන එකත්. ඒ අනුව ගත්තාම අපේ සමස්තය වැඩිවෙලා නෑ. මේ විදේශ විනිමය බලපෑමෙන් අහිතකර ඒවා වෙන්නත් පුළුවන්, වාසිදායක ඒවා වෙන්නත් පුළුවන්. මේ තියෙන්නෙ විදේශ විනිමය අනුපාත ඉහළ යෑමක් මිසක් ඩොලර් වැඩියට අරගෙන නෑ”

ජනප්‍රිය පුවත්  ඩිජිටල් හැඳුනුම්පත් සැකසීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානමක් - විමල් වීරවංශ

අනිල් ජයන්ත ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x