June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආනයනික කිරිපිටි මිල ඉහළට

1 min read

ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංසදය පැවසුවේය.

වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව අද (20) දිනයේ සිට ඇසුරුම් කරන ලද කිරි පිටි පැකට්ටු වල මිල මෙලෙස ඉහළ යාමට නියමිතය.

කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ අදාළ මිල ගණන් යටතේ වෙළෙඳපොළට ආනයනික කිරි පිටි නිකුත් කරන අතර මේ වන විට වෙළෙඳපොළේ පවතින කිසිදු ආනයනික කිරි පිටි වර්ගයක මිල ඉහළ නොයන බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය “අද දෙරණ” සිදුකළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, රුපියල අවප්‍රමාණය වෙමින් අඛණ්ඩව ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ ආනයනික භාණ්ඩ රැසක මිල ඉදිරියේදී ඉහළ යනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්‌ගේ සංගමය පවසයි.

ජනප්‍රිය පුවත්  ලං.වී.ම. විකුණන්නේ නැතැයි දිවුරා බලයට ආ ආණ්ඩුව මෙන්න කෑලි කෑලි සමාගම් කරන අයුරු!

එම සංගමයේ ලේකම්, සුබ්‍රමනියම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඒ අනුව ඉදිරියේ දී සීනි, පරිප්පු, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යනු ඇති බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x