ජ.වි.පෙ. දෙදරීමක් ! ටිල්වින් රට වටේ යයි !
1 min read
ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර පක්ෂ සාමාජිකයන් හා පුර්ණකාලීන ක්‍රියාකාරිකයන් ආණ්ඩුකරණය හා තම පක්ෂ නායකයින්ගේ භාවිතය පිළිබඳ කලකිරී එම පක්‍ෂය අතහැර යාම වේගවත් වී ඇතැයි පැලවත්ත ආරංචි මාර්ග පවසයි.
දිනපතා වර්ධනය වන මෙම තත්වය වලක්වාගැනීම සඳහා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සෑම මැතිවරණ ආසනයක්ම ආවරණය වන පරිදි වඩා විශ්වාසවන්ත සාමාජිකයන් එක්රැස්කර ඔවුන් දිරිගැන්වීමේ සාකච්ඡා මාලාවක් සිදු කරමින් තිබේ. එම සාකච්ඡාව තුල දී, ආණ්ඩුකරණය පිළිබඳ පවතින ඍණාත්මක මත ඉලක්ක කරගනිමින් කරුණු ඉදිරිපත්කරන ප්‍රධාන ලේකම්වරයා, පසුව ප්‍රශ්න සාකච්ඡාකිරීම පිණිස ද කෙටි කාලවේලාවක් වෙන් කර දේ.
මීට අමතරව, දරුණු කලකිරීමට ලක්ව පක්ෂයේ ක්‍රියාකාරිත්වයෙන් මේ වන විටත් ඈත් වී සිටින පූර්ණකාලීනයන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන් හා පෞද්ගලිකවම සාකච්ඡා කර, යළි ඔවුන් පෙර තත්වයට පත් කර ගැනීමට ද ජ.වි.පෙ. නායකත්වය උත්සහ දරා තිබේ. ඇතැම් දිස්ත්‍රික්කවල සූදානම් කර ඇති මෙම සාකච්ඡා සඳහා ජනාධිපති අනුර කුමාර ද සහභාගි වී තිබේ.
මේ පිළිබඳව කරුණු දැක්වූ ජ.වි.පෙ. පූර්ණකාලීනව ක්‍රියා කළ, දැනට එම ක්‍රියාකාරිත්වයෙන් දුරස්ව සිටින සාමාජිකයන් කිහිපදෙනෙකුම පවසා සිටියේ තම පක්‍ෂයේ නායකයන්ගේ පෞද්ගලික ජීවන පැවැත්ම හා ඔවුන් ආණ්ඩු බලය පාවිච්චි කරමින් සිටින ආකාරය පිළිබඳ ඇති වී ඇති අප්‍රසාදය මෙබඳු සාකච්ඡා මගින් තුරන් කළ නොහැකි බවයි.
අසීමිත ලෙස වත්කම් ඉහළ ගිය නායකයන් මෙන්ම, තම මවගේ නමින් ඖෂධ සමාගමක් ලියාපදිංචිකර සෞඛ්‍ය අමාත්‍යාංශයට බෙහෙත් සපයන දනහිස්සලාගැනද, බාල ගල් අඟුරු හොරකම ඇතුළු එල්ල වී ඇති බරපතල මූල්‍ය වංචාවන් පිළිබඳ චෝදනාද ලෙනින්ගේ පොතක උද්දෘතයක් මගින් වසා ගැනීමේ හැකියාව දැන් නොපවතින බව ඔවුහු පෙන්වා දෙති.
මෙම පූර්ණකාලීන ක්‍රියාකාරීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවේද උත්තර දිය නොහැකි ප්‍රශ්න කිරීමකට ලක්ව ඇති බවද කියැවේ.
හමුදා බුද්ධි අංශයේ රහස්‍ය ගිණුම මගින් ජ.වි.පෙ. පූර්ණකාලීන සාමාජිකයන්ගේ හා සමීපහිතවතුන්ගේ නම් “තොරතුරුකරුවන්” ලෙස නම් කර මාසිකව දීමනාවක් ලබාදීම මේ වන විට සිදු කරමින් තිබේ. එම ගිණුම සතු මුදල් වැයවන අන්දම ගැන විගණනය කිරීමක් ද සිදු නොවන බැවින්, එය භාහිරට අණාවරණය වීමට අවස්ථාව අඩුය.
- සාලිය දික්කුඹුර –
