ජනගහනයෙන් 2/3ක් දුප්පත්.. ළමයි 21%කට මන්දපෝෂණේ.. ඒත් භාණ්ඩාගාරය උතුරනවලු.. – පුබුදු ජයගොඩ
1 min read
වත්මන් පාලනය යටතේ මෙරට ජනගහනයෙන් තුනෙන් දෙකක (2/3) ප්‍රතිශතයක් දිළිඳු භාවයට පත්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
සියත නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, රජය භාණ්ඩාගාරය පිරී ඉතිරී යන්නේ යැයි ප්‍රකාශ කළද රටේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 21%ක්ම මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය සහ සෝමාලියාව වැනි දැඩි පෝෂණ අර්බුද පවතින රටවල මට්ටමට ඇද වැටී ඇති බවද ඔහු සඳහන් කළේය.
තවද, අනාගතයේදී රටේ ශ්‍රම බලකායට එකතු වීමට සිටින දරුවන් මෙලෙස පෝෂණ ඌනතාව නිසා ශාරීරික හා බුද්ධිමය වර්ධනය අඩාල වීමේ අවදානමකට ලක්ව සිටින බවත්, එම බරපතල තත්ත්වය කෙරෙහි අවධානය යොමු නොකර කෘතිම බුද්ධිය (AI) වැනි මාතෘකා ගැන පමණක් කතා කිරීම විගඩමක් බවත් පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
