April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චමින්ද කුලරත්තගේ වැඩතහනම පාරාවළල්ලක් වෙයි! ගොඩින් බේරගන්නැයි උපදෙස්!

1 min read

නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩතහනම් කිරීම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකියාවක් තිබේ දැයි මේ මස 27 වනදා දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ (19) පාර්ශවකරුවන්ට නියෝග කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය වැඩතහනම් කිරීමට එරෙහිව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ පෙත්සම සමථයට පත්කිරීම සඳහා දෙවන වගඋත්තරකරු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

එම යෝජනා පදනම් කරගෙන මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව පෙත්සම්කාර පාර්ශ්වයට සලකාබැලිය හැකි බවත් ඇය පැවසීය.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ, එම සමථ යෝජනා පිළිබඳ සලකාබලා සිය සේවා දායකයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ජනප්‍රිය පුවත්  හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරයි.

ඒ අනුව මෙම පෙත්සම යළි ලබන 27 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය, විනිසුරු මඩුල්ල එදින මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට ඇති හැකියාව අධිකරණයට දැනුම් දෙන ලෙසත් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 20 වනදාට පෙර ගොනු කරන ලෙස අධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශවයට නියම කළේය.

මෙම පෙතසමේ වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කර තිබේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x