තෙල් ගේන්න සල්ලි නෑ කියන එක බොරු | විදුලි නිෂ්පාදනයට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 500ක් ඕන
1 min read
තෙල් ගේන්න සල්ලි නෑ කියන මතය අසත්‍ය බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
ගල් අඟුරු භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීමනිසා විදුලි අවශ්‍යතාව සැපයීමට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 500ක් අවශ්‍ය බවත්, එය සමස්ත දෛනික ඩීසල් අවශ්‍යතාවයෙන් සියයට 10%ක් බව ද එම ෆේස්බුක් සටහනේ දැක්වේ. සමස්තයක් ලෙස සම්පූර්ණ ඩීසල් නැවක් විදුලි නිෂ්පාදනයට යොදාගන්නේනම් එය දින 70 ක ට පමණ ප්‍රමාණවත් බවද හෙතෙම පෙන්වා දෙයි.
එම ෆේස්බුක් සටහන පහතින්
- ඩීසල් නැවක එන ඩීසල් ප්‍රමාණය 35000-40000 MT
- දවසක සාමාන්‍ය මුලු ඩීසල් පරිබෝජනය 4500-5000 MT
- විදුලිය සදහා අවශ්‍ය වන උපරිම ඩීසල් ප්‍රමාණය 500 MT
- ඒ කියන්නෙ දවසෙ සාමාන්‍ය පාවිච්චියෙන් 10% යි විදුලිය සදහා යන්නෙ.
- එක නැවක් විදුලිය සදහා විතරක් අයින් කරොත් අවම දවස් 70ක් (35000/500) දුවන්න පුලුවන්.
- ගල් අගුරු වලින් අඩුවන විදුලිය ආසන්න වශයෙන් 100-130MW ඒකට අවශ්‍යය තෙල් ප්‍රමානය ගත්තොත් 100 MT විතර. ඒ කියන්නෙ දවසේ විදුලිය සදහා ඩීසල් අවශ්‍යතාවයෙන් 20%
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
