April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක

1 min read

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය වාතාවරණය උග්‍ර වීමත් සමඟ ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.

මැදපෙරදිග ප්‍රධාන ගුවන් කේන්ද්‍රස්ථාන වන ඩුබායි, දෝහා සහ අබුඩාබි යන ගුවන් තොටුපළවල් වසා දැමීමට සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පහත දැක්වෙන්නේ සිය ගුවන් ගමන් කාලසටහන් සැලකිය යුතු ලෙස වෙනස් කළ හෝ අවලංගු කළ ප්‍රධාන ගුවන් සමාගම් කිහිපයකි.

Air Canada: ටෙල් අවිව් සහ ඩුබායි බලා යන සියලුම ගුවන් ගමන් සැප්තැම්බර් 7 වනදා දක්වා අවලංගු කර ඇත.

එයර් ෆ්‍රාන්ස් / KLM: එයර් ෆ්‍රාන්ස් සමාගම බෙයිරුට් සහ ටෙල් අවිව් ගුවන් ගමන් අප්‍රේල් 4 දක්වාත්, ඩුබායි සහ රියාද් ගුවන් ගමන් මාර්තු 31 දක්වාත් අවලංගු කර තිබේ. KLM සමාගම ටෙල් අවිව්, රියාද් සහ ඩුබායි ගුවන් ගමන් මැයි 17 දක්වා අත්හිටුවා ඇත.

Delta: නිව්යෝර්ක් – ටෙල් අවිව් ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, ඇට්ලන්ටා සිට ආරම්භ වීමට තිබූ ගුවන් ගමන් සැප්තැම්බර් 5 දක්වා ප්‍රමාද කර ඇත.

ජනප්‍රිය පුවත්  හරිනිට දිගටම ප්‍රහාර !

Emirates: කලාපීය ගුවන් සීමාවන් කොටසක් විවෘත කිරීමත් සමඟ සීමිත ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් පමණක් ක්‍රියාත්මක කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම ගුවන් සමාගම පවසයි.

Lufthansa Group: ලුෆ්තන්සා, ස්විස්, ඔස්ට්‍රියන් සහ බ්‍රසල්ස් එයාර්ලයින්ස් ඇතුළු සමාගම් රැසක් ඩුබායි සහ ටෙල් අවිව් ගුවන් ගමන් මැයි 31 දක්වා අත්හිටුවා ඇත. ටෙහෙරාන්, මස්කට් සහ රියාද් ඇතුළු අනෙකුත් නගර සඳහා වන ගුවන් ගමන් ඔක්තෝබර් 24 දක්වා අත්හිටුවා තිබේ.

Qatar Airways: දෝහා සිට ගමනාන්ත 90ක් දක්වා වූ ගුවන් ගමන් වාර ක්‍රමයෙන් වැඩි කිරීමට පියවර ගන්නා බව එම සමාගම පවසයි.

Turkish Airlines: මැදපෙරදිග කලාපයේ බොහෝ ගුවන් ගමන් මාර්තු මස අවසානය දක්වා අවලංගු කිරීමට තුර්කිය පියවර ගෙන ඇත.

මෙම යුදමය තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් ගමනාන්ත කරා යාමට නොහැකිව ලොව පුරා ගුවන් තොටුපළවල රැඳී සිටින බව වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x