කළු මුහුදේ සහ ක්‍රිමියාවේ අයිතිය පිළිබඳ වසර 10ක නීතිමය සටන නිමා කරමින් රුසියාවට වාසිදායක ඓතිහාසික තීන්දුවක්..
1 min read
හේග් නුවර ස්ථාවර බේරුම්කරණ අධිකරණය (PCA) විසින් කළු මුහුද, අසොව් මුහුද සහ කර්ච් සමුද්‍ර සන්ධියේ අයිතිය පිළිබඳව රුසියාව සහ යුක්රේනය අතර වසර 10ක් තිස්සේ පැවති ජාත්‍යන්තර නීතිමය අර්බුදයේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
විනිසුරුවරුන් පස්දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක ඒකමතික එකඟතාවයෙන් යුතුව ලබා දුන් මෙම තීන්දුව, තමන් ලැබූ තීරණාත්මක සහ විශිෂ්ට ජයග්‍රහණයක් බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම තීන්දුවත් සමඟ යුක්රේනය සහ බටහිර රටවල් විසින් රුසියාවට එරෙහිව ගෙන ගිය නීතිමය සටන අසාර්ථක වී ඇති බව රුසියාව පවසයි. විශේෂයෙන්ම ක්‍රිමියාව සහ අසොව් මුහුද ආශ්‍රිත ප්‍රදේශවල ඇති ඛනිජ තෙල්, මත්ස්‍ය සම්පත ඇතුළු ස්වභාවික සම්පත්වල පාලනය තමන්ට නැවත ලබා දෙන ලෙසත්, ඒවා භාවිත කිරීම වෙනුවෙන් රුසියාවෙන් වන්දි ලබා දෙන ලෙසත් යුක්රේනය කළ ඉල්ලීම් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව ක්‍රියා කරන මෙම අධිකරණයට ගොඩබිම් ස්වෛරීභාවය පිළිබඳ තීන්දු දීමට බලයක් නොමැති වීම හේතුවෙන් යුක්රේනයේ මෙම ඉල්ලීම් සියල්ල ඉවත දමා තිබේ.
එසේම, රුසියාව විසින් ඉදිකරන ලද උපායමාර්ගිකව වැදගත් ක්‍රිමියානු පාලම කඩා බිඳ දමන ලෙස යුක්රේනය කළ ඉල්ලීම ද අධිකරණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. එම පාලම නිසා නාවික ගමනාගමනයට බාධා වන බවට යුක්රේනය කළ චෝදනා පදනම් විරහිත බවත්, රුසියානු ආරක්ෂක අංශ විසින් දේශසීමා ආශ්‍රිතව සිදුකරන නැව් පරීක්ෂා කිරීම් සහ පනවා ඇති තාවකාලික සීමාවන් ජාත්‍යන්තර නීතියට එකඟව සිදු කර ඇති බවත් මෙහිදී තීරණය වී තිබේ. යුක්රේනය විසින් එල්ල කරන ලද පරිසර හානි සහ සංස්කෘතික උරුමයන්ට හානි කිරීමේ චෝදනා ද සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අධිකරණය පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, ක්‍රිමියානු පාලම සහ ගෑස් නල මාර්ග ඉදිකිරීමේදී නිසි ආකාරයෙන් පරිසර බලපෑම් ඇගයීමක් (EIA) සිදු කර නොමැති බව පවසමින් අධිකරණය රුසියාවට එරෙහිව එක් කරුණක් පමණක් පිළිගෙන තිබේ. නමුත් රුසියාව සඳහන් කරන්නේ යුක්රේනය විසින් ක්‍රිමියාවට පනවා තිබූ දරුණු සම්බාධක හමුවේ එරෙහි දෙසිය දහසකට අධික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ජලය සහ විදුලිය කඩිනමින් සැපයීමේ මානුෂීය අවශ්‍යතාවය මත මෙම ව්‍යාපෘති කඩිනම් කිරීමට සිදු වූ බවයි. එම ඉදිකිරීම් නිසා පරිසරයට සැබෑ හානියක් සිදුව නොමැති බැවින්, අධිකරණයේ මෙම ප්‍රකාශය පරාජයට පත් වූ යුක්රේන පාර්ශවයට ලැබුණු සුළු “අස්වැසිලි” තීන්දුවක් පමණක් බව රුසියාව පවසයි.
මෙම ඓතිහාසික තීන්දුව මඟින් කර්ච් සමුද්‍ර සන්ධිය සහ අසොව් මුහුද ජාත්‍යන්තර මුහුදු සීමාවන් නොවන බවත්, ඒවා ස්වෛරී රාජ්‍යයන් සතු “ඇතුළාන්ත මුහුදු සීමාවන්” (Internal Waters) බවත් නීතිමය වශයෙන් තහවුරු වී ඇත. මෙමඟින් අදාළ මුහුදු කලාපය තුළ රුසියාවට තම ස්වෛරී අයිතිවාසිකම් සහ නීතිමය බලය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් නොමැති බව තහවුරු වන බැවින්, සමස්ත නඩු විභාගයේ ප්‍රතිඵලය පිළිබඳව රුසියානු පාර්ශවය දැඩි ලෙස සෑහීමකට පත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
