June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කසාදයත් එපා වෙලා!

1 min read

මෙරට විවාහවිම් ඉකුත් වර්ෂයේ දි (2024) දොළොස් දහස් හැටහයකින් (12,066) අඩුවි ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති නවතම වාර්තාවක සදහන් වේ.

ඉකුත් වර්ෂයේ මෙරට විවාහවිම් මුළු ගණන එක්ලක්ෂ තිස්නම දහස් දෙසිය අනුවකි (139,290) 2023 වර්ෂයේ දි එක්ලක්ෂ පනස් එක්දහස් තුන්සිය පනස් හයක් (151,356) විවාහ ලියාපදිංචිකොට තිබුණි. කෙසේවුව ද රට තුල ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබු 2022 වර්ෂයේ දි මෙරට විවාහ එක්ලක්ෂ හැත්තැඑක්දහස් එකසිය හතලිහක් (171,140)ක් සිදුවි තිබු බවද මෙම වාර්තාවේ සදහන් වේ. 2021 වර්ෂයේ විවාහ ලියාපදිංචි කිරිම් එක්ලක්ෂ හැටදෙදහස් හයසිය විසිඅටක් (162,628) ක් සිදුවි තිබු අතර 2024 වර්ෂයේදී විවාහවිම් ක්‍රමයෙන් අඩුවිමේ තත්ත්වයක් වාර්තාවි ඇත.

මෙකි විවාහවිම් වලින් වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය නිතිය යටතේ ලියාපදිංචිකොට තිබුණි. ආර්ථික ගැටළු, පවුලේ වගකිම් වැඩිවිම, විරැකියාව, විවාහයක් සිදුකරගැනිමට ඇති කැමැත්තෙන් තරුණ ප්‍රජාව බැහැරවිම, රැකියාවෙන් ලැබෙන වැටුප පවුලේ අවශ්‍යතාවයන් සදහා ප්‍රමාණවත් නොවිම, සාමාජිය ගැටළු යන හේතු විවාහ ප්‍රමාදවිම සදහා හේතුවි ඇති බව, සමාජ විද්‍යාඥයින් පෙන්වාදෙති.

ජනප්‍රිය පුවත්  වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x