June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කපිල චන්ද්‍රසේන මැරුවේ රංග දිසානායක ?

1 min read

පසුගිය 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිය දිවි නසා ගත් බවට සැක කෙරෙන කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු රැසක් අණාවරණය වී තිබේ.

එම අධිකරණයෙන්ම ඇප නියම කරන ලද කපිල චන්ද්‍රසේනට, නැවත ඇප අවලංගු කර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ, කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තබා ඇත්තේ රු. 15000 ට කුලියට ගත් ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු විසින් බව අණාවරණය වීමත් සමගය.

එහෙත්, පසුගිය 19 වැනිදා අධිකරණය හමුවේ අණාවරණය කෙරුණේ කපිල චන්ද්‍රසේන වෙනුවෙන් සැබෑ ලෙසම ඇප තබා ඇත්තේ රොහාන් චමිල් අමරදාස හා පෙරුමාල් ගනේෂ් යන පුද්ගලයින් විසින් බවයි. මෙම පුද්ගලයන් දෙදෙනා අරවින්ද ද සිල්වාගේ ව්‍යාපාර වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් අදාළ ඇප ලබාදීමට සුදුසුකම් ලත් පුද්ගලයන් වේ.

සත්‍ය තත්වය එසේ තිබියදී කපිල චන්ද්‍රසේනට ඇප ලබාදීමට යැයි කියමින් පැමිණි කුලියට ඇප ලබා දීමට ඉදිරිපත් වූ දෙදෙනාව එම ස්ථානයට කැඳවා ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසිණි.

ජනප්‍රිය පුවත්  පිහාටු ඇති බල්ලෙක් සබරගමුවෙන්!

කපිල චන්ද්‍රසේනට ඇපකරුවන් වූ සැබෑ පුද්ගලයන් සඟවා ව්‍යාජ පුද්ගලයන් පෙන්වා අධිකරණය හා පොලිසිය නොමඟ යවා ඇප පිට නිදහස් වූ කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කිරීම පිණිස රංග දිසානායක එම ක්‍රියාව සිදුකොට තිබේ.

එය හෙළිදරව් වීම වළකනු පිණිස, පොලිසිය පසුගිය 19 වැනිදා අදාළ ව්‍යාජ සැකකරුවන් වෙතින් ලබාගත් ප්‍රකාශයක් හෝ එම සැකකරුවන්ව උසාවියට ඉදිරිපත් කළේ නැත.

  • ජගත් ප්‍රියන්ත කල්දේරා –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x