විදෙස්ගත හිතවතුන් ඩොලර් එවනවා. 2029 දීත් අනුර ජනාධිපති වෙන එක නවත්වන්න කාටවත් බෑ – ඇමති ගමගේ
1 min read
අනුර කුමාර දිසානායක මහතා 2029 වසරේදීත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
“සීයලාට ඔක්කොටම බැරිවෙච්ච හින්දා තමයි මේ රට බංකොලොත් වෙලා, නන්නත්තාර වෙලා ගියේ. ඉතින් ඒක නිසා ආයෙ මං හිතන්නෙ නැහැ කාටවත් හම්බවෙයි කියලා. මං හිතන්නෙ අනුර ජනාධිපතිතුමා 2029දීත් ජනාධිපති වෙන එක මං හිතන්නෙ අපේ රටේ කාටවත් නවත්වන්න බැරිවෙයි”
ප්‍රශ්නය – සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පහුගිය දවස්වල කිව්වා විදේශ රටවල ඉන්න හිතවතුන් ඕනෙ තරම් ඩොලර් එවනවා කියලා. කෝ ?
“ඔව්, විදේශ රටවල ඉන්න හිතවතුන් ඩොලර් එවන හින්දා තමයි ඉතිහාසයේ වැඩිම විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලංකාවට වැඩිවෙලා තියෙන්නෙ”
