ආර්ථික අනතුරේ තරම !
1 min read
මේ ප්‍රස්ථාරය දෙස බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට හිතෙන්නේ රට නැවතත් බරපතළ ආර්ථික අගාධයකට ඇදගෙන යනවා කියලයි. මොකද 2030, 2033 සහ 2036 වසරවලදී කල් පිරෙන බැඳුම්කර සඳහා 12% සිට 13% දක්වා ඉහළ පොළී අනුපාත ලබා දී ඇති බව රතු පාට Dots වලින් පැහැදිලිවම පේනවා.
නමුත් මේ තත්ත්වය දෙස මතුපිටින් බලනවාට වඩා, ආර්ථික විද්‍යාත්මක සහ වෙළෙඳපොළ පසුබිම අනුව මෙහි පැති කිහිපයක් තිබෙනවා.
පොළී අනුපාත එකපාරටම ඉහළ ගියේ ඇයි? කියන එකට තර්ක තියෙනවා.
දිගුකාලීන ණය බර ගත්තම 2036 වැනි ඈත අනාගතයකදී කල් පිරෙන බැඳුම්කර සඳහා 13% ක වැනි ඉහළ පොළියක් ස්ථාවරව (Fixed Rate) ගෙවීමට එකඟ වීම යනු, තවත් වසර 10 ක් යනතුරුම රජයේ වැය පස අධික ලෙස ඉහළ මට්ටමක පැවතීමක්..මේ අධික පොළිය ගෙවන්න අවසානයේදී සිදුවෙන්නේ මහජනතාවගෙන් බදු මුදල් එකතු කරලයි. ඒ නිසා අනාගත පරම්පරාව පවා මේ ණය උගුලට හිරවීමේ අවදානමක් තිබෙනවා.
මෙම තීරණය පිටුපස ඇති මූල්‍යමය තර්කත් ඉතා සාධාරණයි.සහ යථාර්ථයත් එයයි.
ප්‍රස්ථාරයේ නිල් සහ අළු පාටින් පෙන්වන පෙර වෙන්දේසිවලට සාපේක්ෂව, රතු පාටින් පෙන්වන නවතම වෙන්දේසියේ පොළී අනුපාත තියුණු ලෙස ඉහළ යාම ආර්ථිකමය වශයෙන් සුභ ලකුණක් නොවන බව පැහැදිලියි.
මේ තත්වයෙන් ගොඩ ඒමට තියෙන්නේ එකම එක මාර්ගයක් පමණයි.
රට “ගොඩගන්න බැරි තැනකට” පත්වේද යන්න තීරණය වන්නේ, මේ ලබාගන්නා ණය ඵලදායී ලෙස ආයෝජනය කරනවාද, නැතහොත් නාස්ති කරනවාද යන්න මතයි.
ප්‍රජා ශක්ති වගේ සෘජුවම ජනයාට බලපාන වැඩසටහනක් (2026 රුපියල් බිලියන 26 ක් වෙන් කරපු වැඩසටහනක්) අයාලේ යන විදිහ දැක්කම 2036 මේ ණය ගෙවන්න පුළුවන් වෙයි ද කියන සාධාරණ බය ඇති වෙනවා.
මුදල් නාස්ති කරනවා කියන්නේ හොරකම් කිරීම විතරක්ම නෙවෙයි.
- ගාමිණී ඒකනායක –
