April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආරක්ෂාව අනතුරේ! මහජන උත්සව ගැන බියෙන්!

1 min read

පසුගිය දිනවල රට පුරා තැනින් තැන දී ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ට මහජනතාව විසින් හූ තබා පලවා හැරීමට කටයුතු කිරීමත් සමඟ රාජ්‍ය බුද්ධි සේවය විශේෂ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ. එම වාර්තාවේ පිටපතක් ද පැලවත්ත මූලස්ථානයට ද එවා ඇත.

එහි සඳහන්ව ඇත්තේ මහජනයා සම්බන්ධ වන ස්ථානවලට සම්බන්ධ වීම මැති ඇමැතිවරුන් හා ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් හැකිතාක් වළක්වාගත යුතු බවයි. ජීවන වියදම දැරිය නොහැකි මට්ටමකට ඉහළ යාම හා ආණ්ඩුව කෙරෙහි තබා තිබුණු විශ්වාසය වේගයෙන් බිඳ වැටීම යනාදී හේතු මත මහජනතාව ආවේගශීලීව හැසිරෙන්නට බොහෝ දුරට ඉඩ ඇති බව එමගින් පෙන්වා දී තිබේ.

මෙම වාර්තාව ලැබීමෙන් අනතුරුව පැලවත්ත ජ.වි.පෙ. මූලස්ථානයට පොලිස් නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකා නිලධාරීන්ව ද එහි ආරක්ෂාව සඳහා යොදවා තිබේ. ගැටුම්කාරී තත්ත්වයකදී ඉදිරිපත් විය හැකි සාමාජිකයන් පිරිසක් ද විවිධ ප්‍රදේශ වෙතින් පැලවත්ත කාර්යාලය වෙත ගෙන්වීමට ද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පියවර ගෙන ඇත.

මේ අතර, ප්‍රතිසංස්කරණය කර අද (08) විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ විවෘත කිරීමේ උත්සවය ද සිදු කර ඇත්තේ සීමාසහිත පිරිසකගේ සහභාගීත්වයෙනි. බිමල් රත්නායක අමාත්‍යවරයාට අමතරව, ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රධානීන්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය හා වෙනත් නිලධාරීන් හැරුණු කොට ජ.වි.පෙ. සාමාජිකයන් නොවන කිසිවකුටත් එයට සහභාගී වීමට අවස්ථාව සලසා දී නැත. මාධ්‍ය ආවරණයට ද කිසිදු මාධ්‍ය ආයතනයක් කැඳවා නොමැති අතර, ප්‍රවාහන අමාත්‍යාංශය මගින් අදාළ දර්ශන හා ඡායාරූප වාර්තාවන් මාධ්‍ය ආයතන වෙත ලබා දෙනු ලබන බව දන්වා තිබේ.

ජනප්‍රිය පුවත්  ණය එක දවසට බිලියන 5.6ක්!!

ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය (SLTB) විසින් මෙහි සමාජ මාධ්‍ය ප්‍රචාරය තම මුහුණුපොතේ සිදු කර ඇතත්, අද විවෘත කිරීමට අදාළ උත්සවයේ සිටි පිරිස පෙන්වන කිසිදු ඡායාරූපයක් යොදා නැත. යන්තමින් හෝ පිරිස පෙන්වන එහි ඇති එකම ඡායාරූපය මේ සමඟ දක්වා ඇත. මිලියන 400කට වැඩියෙන් වැය කර සිදු කරන ලද මෙම කටයුත්ත මහජන සහභාගීත්වයකින් තොරව, මාධ්‍ය ආයතන පැමිණීම වළක්වා සීමිත පිරිසක් සමඟ සිදු කර ඇත්තේ ද ඉහත කී බුද්ධි වාර්තාවට අනුව යම් අසීරු අවස්ථාවකට මුහුණ දීමට සිදු වනු ඇතැයි යන බියෙනි.

මෙම තත්ත්වය හමුවේ මහජනයා සම්බන්ධ වන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමෙන් වළකින මෙන් පැලවත්ත මූලස්ථානය මගින් තම මහජන නියෝජිතයන් දැනුම්වත් කර තිබේ. අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඔවුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට සූදානම් කර තිබූ උත්සව කිහිපයක්ම මේ හේතුව මත අවලංගු කර ඇත.

මේ අතර හෙට (09) පෙරවරු 09ට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත, කොටුව දුම්රියපොළ නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන උත්සවය ද සීමිත, තෝරාගත් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම අවස්ථාවට අමාත්‍ය බිමල් රත්නායක ද සහභාගී වීමට නියමිත ය.

ජනප්‍රිය පුවත්  යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කරයි!

මේ අතර බිමල් රත්නායකගේ නමින් වන මුහුණුපොතේ ද පැය 2කට කලින් දමා තිබෙන කොටුව බස් නැවතුම්පොළ නවීකරණය කර විවෘත කිරීමේ ඡායාරූප කිසිවක සාමාන්‍ය මහජනයා දක්නට නැත. මේ සමඟ එම ඡායාරූප ද පළ කර තිබේ. හදිසි ආපදාවක් වුවහොත්, ඊට ලක්වන ප්‍රභූවරයා රැගෙන යාමට සූදානම් කර තිබූ ගිලන් රථයක් හා එහි කාර්ය මණ්ඩලය පමණක් දක්නට ඇත.

ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය (SLTB) විසින් සමාජ මාධ්‍ය ප්‍රචාරය ලබාදී තිබු අයුරු සහ අමාත්‍ය බිමල් රත්නායක තම මුහුණු පොතේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ විවෘත කිරීමේ උත්සවය වාර්තා කර තිබූ අන්දම මෙසේය.

පැමිණි පිරිස පෙන්වන එකම ඡායාරූපය

විශේෂ වාර්තාකරුවකු විසිනි

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
trackback

[…] ආරක්ෂාව අනතුරේ! මහජන උත්සව ගැන බියෙන්! […]

1
0
Would love your thoughts, please comment.x
()
x