June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආනයන සීමා කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි…!

1 min read

වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඉහළ යමින් පවතින ආනයන වියදම් පාලනය කිරීම සඳහා රජය විසින් නව විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් සිටියි.

මේ යටතේ, පෙර පැවති මූල්‍ය අර්බුදකාරී සමයේ ක්‍රියාත්මක වූ ඇතැම් දැඩි තීරණ නැවත බලාත්මක කිරීමටත්, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සීමා කිරීමටත් පියවර ගැනෙමින් පවතී.

විශේෂයෙන්ම, විදේශීය විනිමය සුරැකීමේ අරමුණින් මෙලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම කෙරෙහි බලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් මතුව ඇත.

දේශීය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම සහ රුපියල මත ඇති වන පීඩනය අවම කිරීම වෙනුවෙන් ආනයනය අධෛර්යමත් කිරීමට රජය සැරසෙයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමත් සමගම දේශීය රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 සිට ඩොලර් මිලියන 522 දක්වා විශාල ලෙස වර්ධනය වී තිබේ.

පෙර පැවති ආර්ථික අර්බුද සමයේ මෙන්ම, වත්මන් තත්ත්වය තුළ ද අපනයනකරුවන් රුපියලේ අගය තවදුරටත් පහත වැටෙන තෙක් අපේක්ෂාවෙන් පසුවෙයි. මේ හේතුවෙන් ඔවුන් උපයන විදේශීය විනිමය මෙරටට එවනු වෙනුවට විදේශීය බැංකු ගිණුම්වලම තැන්පත් කර තබා ගැනීමට පෙළඹී සිටින බව වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  පඬුකරඳ ගහ ඉවත් කිරීමට විරෝධය දැක්වූ අයගෙන් අලාභය අය කර ගත යුතුයි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x