May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුරාධපුර ළමා අපයෝජනය: අටමස්ථානයේ හිමිනම සහ මව අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්

1 min read

අනුරාධපුර ප්‍රදේශයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව, සැකපිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ අටමස්ථාන හිමිනමක සහ අදාළ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පුවත ප්‍රදේශය පුරා මහත් කම්පනයක් ඇති කර ඇති අතර ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මෙහිදී තවදුරටත් අවධාරණය කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x