July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

1 min read

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ හිටපු කැබ්නට් අමාත්‍යවරයෙකු වූ ජගත් පුෂ්පකුමාර මහතාව දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

අද (08) උදෑසන 9.20ට පමණ ඒ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් ජගත් පුෂ්පකුමාර මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජගත් පුෂ්පකුමාර මහතාට එල්ල වී ඇති චෝදනා පහත පරිදි වේ.

(1) 2014 ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රකාශයට පත් කර තිබිය දී රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පෝස්ටර් අත්පත්‍රිකා 250,000ක් මුද්‍රණය කිරීම සඳහා හලාවත වැවිලි සමාගමට හා කුරුණෑගල වැවිලි සමාගමට විධාන කිරීමෙන් ඒ සඳහා අදාළ සමාගම් දෙකට රු.2,665,000/- ක මුදලක් වැය කිරීමට කටයුතු කරවීම.

Grains& Pasta(2) 2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළ ගංවතුර ආධාර ලෙස සරම් ටී-ෂර්ට් සහිත ඇඳුම් කට්ටල 5,000ක් හා සාය හැට්ටය සහිත ඇඳුම් කට්ටල 5,000ක් බෙදා දීම සඳහා හලාවත වැවිලි සමාගමෙන් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් නිසි ක්‍රමවේදයෙන් තොරව මිල දී ගැනීම හරහා එම සමාගම් දෙකට රු.3,275,000/-ක් හා රු.3,075,000/-ක් හා භෞතිකව බෙදානොදීම.

ජනප්‍රිය පුවත්  බහරේනයේ Amazon සමාගමේ පරිගණක දත්ත මධ්‍යස්ථානයකට ඉරානයෙන් ප්‍රහාරයක්..

(3) 2013 හා 2014 මැයි පෙළපාලි සහභාගී වන්නන්ට හලාවත වැවිලි සමාගමෙන් ටී ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් ටී ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් ලබාදීමට නිලධාරීන් පෙළඹවීම.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x