July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන වානා – සූර්යඛාන් ඕනා !

1 min read

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන සිය සංගමයේ නව තණතුරු සඳහා තේරී පත්වූවන්ට එම තණතුරු පිරිණැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට, මෙවර අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට ආරාධනා කර නැත. ශ්‍රී ලංකා නීතීඥ සංගම් ඉතිහාසය පුරා දෙවසරකට වරක් පමණක් පැවැත්වෙන මෙම උත්සවය පවත්වා ඇත්තේ අදාළ කාලවල අගවිනිසුරු තණතුර දරන ලද පුද්ගලයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි කර ගනිමිණි. ඉතිහාසයේ පළමු වතාවට එම උත්සවයට වත්මන් අගවිනිසුරුවරයාට ආරාධනා කර නැත.

වර්තමාන අගවිනිසුරුවරයා යටතේ යුක්තිය පසඳලීමේ කාර්යයේ නියුතු විනිසුරුවන් මුහුණ දී සිටින අතිශය පීඩාකාරී බලපෑම් සහ ඒ මත නිර්මාණය වී තිබෙන භීතිය විසින් මුලු මහත් අධිකරණ පද්ධතියම බිඳවැටෙමින් ඇති බව නීතිඥ සංගමයේ මතය වී තිබේ. එම තත්වය ඇති කරනුයේ අගවිනිසුරුවරයා විසින් වන බැවින් ඊට විරෝධය දැක්වීම පිණිස ඔහු මෙම උළෙල සඳහා ආරාධනා නොකර සිටීමට එම සංගමය තීරණය කර ඇත.

එහෙත් ඒ වෙනුවට ඉන්දියාවේ අගවිනිසුරුවරයාට, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන්නැයි එම සංගමය ආරාධනා කර තිබේ. වාර්තාවන අන්දමට ඉන්දීය අගවිනිසුරුවරයා එකී ආරාධනාව පිලිගෙන තිබේ.

  • සචින්ත පෙරේරා –
ජනප්‍රිය පුවත්  සලේට එරෙහිව ශානි අටවපු “රොකට් ලොන්චර්” උගුල මෙන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x