July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේ අධි අවදානම් කාණ්ඩයට.. යම් හානියක් වුනොත් ජනාධිපති, රවී, ශානි වගකියන්න ඕනේ.. – සුරේෂ් සලේගේ බිරිඳ

1 min read

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් මහතා අද පෙරවරුවේ හටගත් පපුවේ අමාරුවක් හේතුවෙන් හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අධි අවදානම් කාණ්ඩයට ඇතුළත් කර ඇති බව ඔහුගේ බිරිඳ වන මනෝරි මහත්මිය ප්‍රකාශ කළාය.

වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඔහුට ඕනෑම මොහොතක හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් තහවුරු කර ඇති බවත් රජයේ අමාත්‍යවරුන් කුමන ප්‍රකාශ සිදු කළද, සැබෑ සෞඛ්‍ය තත්ත්වය දන්නේ රෝහලේ සිටින වෛද්‍යවරුන් පමණක් බව ඇය මෙහිදී අවධාරණය කළාය.

බලධාරීන්ට බරපතළ චෝදනාවක් එල්ල කරමින් ඇය කියා සිටියේ, “සියලුම බලධාරීන් බලන් ඉන්නේ සුරේෂ් මැරිලා යනකම්. ඒක තමයි ඔවුන්ට තියෙන ලේසිම වැඩේ” යනුවෙනි.

තමන් කිසිසේත්ම පරීක්ෂණ නතර කරන ලෙස ඉල්ලා නොසිටින බවත්, පරීක්ෂණ නිසි පරිදි සිදුකර අවශ්‍ය නම් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

සුරේෂ් දැනට ආරම්භ කර ඇති උපවාසය අතහැරීමට සූදානම් නොමැති බවත්, තමන්ට යම් හානියක් සිදුවුවහොත් ඒ පිළිබඳව වගකීම ජනාධිපතිවරයා, රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර ඇතුළු පිරිසක් දැරිය යුතු බවට ඔහු විසින් ලිඛිතව දන්වා ඇති බවත් මනෝරි මහත්මිය වැඩිදුරටත් අනාවරණය කළාය.

ජනප්‍රිය පුවත්  අනුර තුමාට උවිඳු තුමාගෙන් තවත් ප්‍රශ්නයක්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x