October 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී වේ.. – ලෝක බැංකුවෙන් අනාවරණයක්

1 min read

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.

ආර්ථික අර්බුදයෙන් පසු යළි පිබිදීම මන්දගාමී වීම සහ ඵලදායිතාව අඩු මට්ටමක පැවතීම මෙසේ ආර්ථික වර්ධනය තවත් මන්දගාමී වීමට හේතුව බවට ලෝක බැංකු වාර්තාවේ සඳහන් කර ඇත. එම ලෝක බැංකු වාර්තාවේ තවදුරටත් පවසා ඇත්තේ ගෝලීය බලශක්ති වෙළඳපොළේ පවතින දිගුකාලීන අස්ථාවරත්වය සහ එල්නිනෝ සංසිද්ධියේ බලපෑම වැනි අවදානම් සාධක ඉහළ යෑම, ඵලදායිතාවට සහ ආහාර සුරක්ෂිතතාවට බලපෑම් කළ හැකි බවයි.

එසේම ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ලබන වසරේ (2027) ආර්ථික වර්ධන වේගය සියයට 4.2 දක්වා සහ 2028 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 4.0 දක්වා තවදුරටත් අඩුවනු ඇති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x