June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ – ප්‍රවීණ මාධ්‍ය විචාරක විජයානන්ද ජයවීර

1 min read

වරලත් මාධ්‍යවෘත්තිකයන්ගේ ආයතනයක් පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවීම ගැන ‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ යනුවෙන් මා ලියූ කොමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් වරලත් මාධ්‍යවේදී ආයතනයක් 1880 ගනන්වල බ්‍රිතාන්‍යයේ පිහිට වූ බව අප මිත්‍ර බර්ට්‍රමි නිහාල් මතක් කළේය. එයට මා දුන් ප්‍රතිචාරය පහතින් පළ කරන්නේ එම කොමෙන්ටුවෙන් මා අදහස් කළ දෙය වඩා නිරවුල්ව පෙන්වා දීමටය.

“ඔව් එහෙම එකක් වික්ටෝරියා රැජිනගෙ කාලයේ Royal Charter හෙවත් රාජකීය ප්‍රඥප්තියකින් පිහිටුවා තිබුණා. ඒකෙ අදහස වුනේ එවකට ශිල්පයක් ( Trade ) ලෙස සැලකුණු ජර්නලිස්ම් කියන එක ඉංජිනේරු දොස්තර නීතීඥ ආදි අනෙකුත් වරලත් වෘත්තීන්ගෙ (Professions) මට්ටමට ගෙන ආයුතුයි යන අදහස මතයි. ඒ අනුව අද එහි සාමාජිකත්වය ගන්න පුලුවන් වෙන්නේ එම ආයතනය විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් හෝ සමාන අධ්‍යාපන සුදුසු කමක් තිබුනොත් විතරයි.

යමෙකු වෘත්තිකයෙක් කියල හඳුන්වන්න නම් එම වෘත්තියට නියමිත විභාගයකින් සමත්වීම වැනි වෘත්තීය සුදුසුකමක් තිබීම, එම වෘත්තිය නියාමනය සඳහා පිළිගත් නියාමන සභාවක අධීක්ෂණයට යටත්වීම සහ එකී වෘත්තියේ යෙදීමට බලය ඇති ආයතනයකින් නිසි බලපත්‍රයක් ලබා තිබීම යන කරුණු තුන සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි. ඒත් ජර්නලිස්ට් කෙනෙක් වෙන්න ඔය සුදුසු කම් අවශ්‍ය නැහැ. ජර්නලිස්ම් කියන්නෙ වෘත්තියකට වඩා ශිල්පයක්. වෘත්තිකයෙකුට මෙන් එයා එකතුකරන සකසන පුවත්වල වගකීම එයාට පමණක් සීමා වෙන්නෙ නැහැ. වගකීම තියෙන්නෙ මාධ්‍ය ආයතනයටයි.

ජනප්‍රිය පුවත්  අනීතික ඉල්ලීම්වලට යටත් නොවූ මතුගම විදුහල්පතිනියට ජවිපෙන් දඬුවම් මාරුවක්?

ජර්නලිස්ම් කියන්නෙ ඒ සඳහා තමන්ගෙ ග්‍රාහකයන්ගෙ විශ්වාසය දිනා ගැනීමට අවශ්‍ය පරිචය, අව්‍යාජ බව අවංක බව තියෙන ඕනෑම කෙනෙකුට නියැලෙන්න පුලුවන් සමාජ කටයුත්තක් විය යුතුයි. කොටින්ම ජර්නලිස්ම් වල යෙදීම පුරවැසියන්ගෙ මූලික අයිතියක්. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේම කොටසක්. වරලත් නොලත් ඕනෑම කෙනෙකුට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය කටයුතුවල නියැලෙන්න තියෙන අයිතිය ආරක්ෂාකරගත යුත්තේ ඒ නිසයි.

වික්ටෝරියා රැජිනගෙ කාලෙ ඉඳන් තිබුණත් අදටත් තමුන් වරලත් ජර්නලිස්ට් කෙනෙක් කියල බ්‍රිතාන්‍ය පුවත්පත් වල කවුරුත් සඳහන් කරගන්නෙ නැහැ. ඔවුන් ඊට වඩා වැදගත් කොට සලකන්නෙ බ්‍රිතාන්‍යයේ ජර්නලිස්ට්ලගෙ ජාතික සංගමයේ ( National Union of Journalists) සාමාජිකයෙක් වීමයි. මං දන්න විදියට බ්‍රිතාන්‍යයේ ජර්නලිස්ට්ලගෙ වරලත් ආයතනයෙ සාමාජිකයෙක් වීමට ජර්නලිස්ට්ලගෙ ජාතික සංගමයෙ සාමාජිකයෙක් වීමත් අනිවාර්යයි.

(සටහන | විජයානන්ද ජයවීර)
යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විචාරක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x