July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යුක්රේන අගමැතිනිය ධුරයෙන් ඉවත් කෙරේ..

1 min read

යුක්රේන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ යුලියා ස්වෙරිඩෙන්කෝ (Yulia Svyrydenko) එම ධුරයෙන් ඉවත් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ.

ඇය 2025 ජූලි මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණු අතර, වසරක කාලයක් එම ධුරයේ කටයුතු කර ඇත. ඇය සිය රාජකාරි ප්‍රශංසනීය ලෙස ඉටු කළ බව ජනාධිපති සෙලෙන්ස්කී මෙහිදී අවධාරණය කර ඇතත්, පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ධුරය ඊළඟට හිමිවන්නේ කාටද යන්න හෝ යුලියා ස්වෙරිඩෙන්කෝට ලැබෙන මීළඟ තනතුර කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර නැත.

මීට අමතරව, ඉදිරියේදී එරට කැබිනට් මණ්ඩල සංශෝධනයක් සහ නීතිය බලාත්මක කරන ආයතනවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කිරීමට ද නියමිත බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x