මුදල් ලේකම්ට අභූත චෝදනා නගද්දි රංගට දරාගන්න බැරිවෙන්න ඇති… වගකීම විපක්ෂය ගතයුතුයි..! – ඇමති සුසිල් රණසිංහ…
1 min read
කල්ලියක් ගොස් මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස වට කරන විට මහා භාණ්ඩාගාරයේ රංග රාජපක්ෂට කෙතරම් මානසික පීඩනයක් එල්ලවන්නට ඇත්දැයි අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රශ්න කරයි.
හිටුවා පස් ගහන්න වගේ විශාල ඝෝෂාවක් කරමින් මුදල් ලේකම් කැඳවන විට මෙම හොරකමට බොහෝ පිරිසක් සම්බන්ධ යැයි කියන විට ඔහුට විශාල පීඩනයක් එල්ල වූ බවටද ඇමතිවරයා චෝදනා කරයි.
රංග රාජපක්ෂලාට සමාජයට මුහුණදීමට නොහැකි තරම් පීඩනයක් එල්ල කළ විපක්ෂය මෙම මරණයේ වගකීම ගතයුතු බවද ඇමති සුසිල් රණසිංහ අවධාරණය කරයි.
