July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් මියගිය අයගේ මෘතදේහ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

1 min read

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණි චලනි පෙරේරා මහත්මිය නියෝග කර තිබේ.

මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වෙයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබද මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ ධම්සිත් හෙට්ටිආරච්චි සහ අධිකරණ පොලිස් නිලධාරී සැරයන් බණ්ඩාර යන මහත්වරුන් සිද්ධිය පිළිබද අද (07) අධිකරණය වෙත කරුණු දක්වනු ලැබීය.

එහිදී මෘත දේහවලට අදාළව මරණකරුවන්ගේ පවුලේ භාරකරුවන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කරගෙන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මෘත දේහයන් ඥාතීන් වෙත භාරදෙන ලෙසට, මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කර තිබේ.

එමෙන්ම බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණි චලනි පෙරේරා මහත්මිය නියෝග කර ඇති බව සඳහන් වෙයි.

ජනප්‍රිය පුවත්  මීගමුව බන්ධනාගාරයේ සිරකරුවෝ 40කට ඩෙංගු; දෙදෙනෙක් දැඩිසත්කාරයේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x