මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජයපාලගේ සොහොයුරා රිය අනතුරකින් මරුට!.
1 min read
පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී අද දින සිදුවූ රිය අනතුරකින් යතුරුපැදී කරුවෙක් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාලගේ සොහොයුරායි. අද පෙරවරු 6.30 පමණ මෙම අනතුර සිදුව තිබේ.
මහ ඉලුප්පල්ලම පදිංචි ආනන්ද විජේපාල මහතාගේ සොහොයුරාණන් වන කේ.එස් එම්. පියසේන දිසානායක (63) යන අය මෙම රිය අනතුරින් මරණයට පත්ව ඇත. ඔහු මහ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගී වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ .මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ගැටී ඔහු මරණයට පත්ව ඇත.
ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
