June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහ බැංකු අධිපති එළවන්න ජනපතිගේ මෙහෙයුමක් !

1 min read

රුපියල දිගින් දිගටම අවප්‍රමාණයවීම පිළිබඳව වික්ෂිප්තව සිටින ජනාධිපති අනුර කුමාර, ඒ පිළිබඳ වගකීම හොබවන මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ක්‍රියාකලාපය පිළිබඳව බලවත් නොසතුටට පත්ව සිටිතැයි ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග පවසයි. මේ නිසා, කවර ආකාරයකින් හෝ නන්දලාල් වීරසිංහව අධිපති තණතුරෙන් ඉවත් කළ යුතුය යන තීරණයට ජනාධිපතිවරයා පැමිණ ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයා විසින් පළමුව උත්සාහ දරමින් සිටින්නේ මහබැංකු අධිපතිට, මහජන පීඩනයක් එල්ල කර ඔහු ඉල්ලා අස්වන තත්වයට පත් කරවීමට ය. එසේ වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අසතුටට පත්වීමට ද ඉඩ නැතැයි ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

මෙම පීඩනය එල්ල කිරීම සඳහා ඊයේ (04) ජනාධිපතිවරයාට හිතවත් සංජය මහවත්ත නමැති “සමාජ ක්‍රියාකාරිකයා” ඇතුළු පිරිසක් මහබැංකු මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි. පොලීසියේ කිසිදු බාධාවකින් තොරව පැවැති එම විරෝධතාවේ ප්‍රධාන සටන්පාඨය වූයේ “නන්දලාල් හොරා !” යන්නයි. මහබැංකු මූලස්ථානය පවතින්නේ අධි ආරක්ෂිත ප්‍රදේශයක වුවත් මහබැංකුවේ යකඩ වැට සමීපයටම පැමිණ සංජය මහවත්ත ඇතුළු පිරිසට නන්දලාල් වීරසිංහට එරෙහි විරෝධතාව පැවැත්වීමට හැකියාව හිමිව තිබුණි.

ජනප්‍රිය පුවත්  නන්දලාල් රට පැන්නේ ඇයි ? භාණ්ඩාගාර නිලධාරින් බියෙන්!

බාල ගල් අඟුරු ගෙන ඒම පිළිබඳව ආණ්ඩුවට එල්ල වූ බරපතල චෝදනාවේදී සංජය මහවත්ත පෙනී සිටියේ, ආණ්ඩුවේ පාර්ශවය වෙනුවෙන් එම චෝදනාවට විරුද්ධවය. හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ විසින් සංජය මහවත්ත බස්නාහිර පළාත් ආණ්ඩුකාරයාව සිටි හනීෆ් යූසුෆ් හරහා ආණ්ඩුවට හිතවත් අයකු බවට පත් කළේය. බාල ගල් අඟුරු වංචාව සුද්ද කිරීම වෙනුවෙන් ඔහුට සැලකියයුතු මුදලක් ද ආණ්ඩුව පාර්ශවයෙන් ලබා දී තිබිණි.

සංජය මහවත්ත සමග එම විරෝධතාවට සම්බන්ධ වී සිටියේද ජ.වි.පෙ. ට සම්බන්ධ පිරිස් ය. පොලීසියට ද ඉහලින් උපදෙස් ලැබී තිබුණේ විරෝධකරුවන්ට බාධා නොකරන ලෙසය.

මේ අතර, ධම්මික පෙරේරාගේ නිවසේ දී ජනාධිපතිවරයා හා රවී කරුණානායක මන්ත්‍රිවරයා පසුගිය සතියේ මුණ ගැසී තිබේ. එහිදී ද සාකච්ඡාවට ලක්ව ඇත්තේ රුපියල අවප්‍රමාණයවීමේ ප්‍රශ්නය පිළිබඳවය. එහිදී ඇතිකරගත් එකඟතාවට අනුව, රවී කරුණානායක මන්ත්‍රිවරයාද නන්දලාල් වීරසිංහ ඉලක්කකරගත් විවේචනය උත්සන්න කර ඇත. එයද ජනාධිපති අනුර කුමාරගේ විශේෂ ඉල්ලීමකට අනුව සිදුවන්නකි.

යම් හෙයකින් මහබැංකු අධිපතිවරයා ඉල්ලා අස්නොවුනහොත්, ආර්ථික අර්බුදයේ මුලු වගකීම ඔහු මත පවරා ඔහුව එම තණතුරෙන් ඉවත්කිරීමේ හැකියාව ද ජනාධිපතිවරයා විසින් සොයා බලා තිබේ. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනත අනුව, පත් කරනු ලබන මහබැංකු අධිපතිවරයාගේ ධූර කාලය වසර 6 කි. එම පනත අනුව මහබැංකු අධිපතිවරයාගේ ධූර කාලය නිමාවීමට පෙර ඔහුව ඉවත් කිරීමට අවශ්‍ය වුවහොත් එය සිදු කළ හැක්කේ ද එම පනතේ දක්වා ඇති කොන්දේසිවලට අනුකූලවය.

ජනප්‍රිය පුවත්  පොලිස් රාජ්‍යයක්!

එම කොන්දෝසි වන්නේ, ශාරීරික හෝ මානසික දුබලතාවක් හේතුකොටගෙන රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වීම, මහ බැංකුවේ අදාළ ආචාරධර්ම සංග්‍රහවලට අනුකූලව කටයුතු කර නොතිබීම, පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මාස 3 කට වැඩි කාලසීමාවක් රාජකාරි ආවරණය නොකර සිටීම යනාදියයි.

එයින්, එකක් හෝ කීපයක් චෝදනා ලෙස ඉදිරිපත් කර, මහබැංකු අධිපතිවරයාට ඊට පිළිතුරු ලබාදීමට අවස්ථාව සැලසීමෙන් පසුව මුදල් ඇමතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත මහ බැංකු අධිපති ඉවත් කිරීම ලිඛිතව දැන්විය යුතුය. අනතුරුව ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක කමිටුවට ඒ බව දන්වා එහි අනුමැතියට යටත්ව පමණක් මහබැංකු අධිපතිව ඉවත් කළ හැකිය.

මෙම ව්‍යාකූල ක්‍රමය උපයෝගී කරගැනීම වෙනුවට, පීඩනයක් එල්ලකර නන්දලාල් වීරසිංහ තණතුරෙන් අතහැර යාමට බලකෙරෙන තත්වයක් ඇති කිරීම ජනාධිපතිවරයාගේ උපාය වී තිබේ. ඉදිරියේදී මෙම ගැටුම තවත් වර්ධනය වනු ඇත.

  • ප්‍රසාද් කාරියවසම් –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x