July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොක්සිං වළල්ලෙන් මිනී පෙට්ටියට! 22 කේ ක්‍රීඩකයා මියයද්දී 4 කගේ ජාත්‍යන්තර හීන විනාශයි ! ඇමති සුනිල් කුමාර නිද්‍රාවක

1 min read

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය පරිපාලනමය වශයෙන් සහමුලින්ම කඩා වැටී ඇති බව සනාථ කරමින්, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 23න් පහළ බොක්සිං ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුට ජාත්‍යන්තරය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට දකුණු කොරියානු සංචාරය සඳහා වීසා ලබා ගැනීමට නොහැකි වීමෙන් සිදු වූ ජාත්‍යන්තර අවමානය, බොක්සිං සංගමය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර පවතින ගැටුම් හේතුවෙන් මෙලෙස බොක්සිං වළල්ල තුළ ද යළිත් වරක් ප්‍රතිරාවය වී ඇත.

හිඟාකා සල්ලි සෙවූ ක්‍රීඩකයන්ට නිලධාරීන් දුන් ලණුව

ජකර්තා සංචාරය සඳහා තේරී පත්වූ පිරිමි ක්‍රීඩකයන් තිදෙනාට සහ එක් කාන්තා ක්‍රීඩිකාවට මෙම අසාධාරණය සිදුව ඇත්තේ ඔවුන් සියලු කැපකිරීම් කර තිබියදීය.

තමන්ගේම වියදමින්:

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් නිකුත් කරන ලද නිල ලිපි ලේඛන භාවිත කරමින්, මෙම තරුණ ක්‍රීඩකයන් තමන්ට හිතවත් දායකයන්ගෙන් සහ සුභපතන්නන්ගෙන් විදේශ සංචාරය සඳහා අවශ්‍ය මුදල් සපයාගෙන තිබිණි.

අනුමැතිය අත්හිටුවයි:

කෙසේ වෙතත්, බොක්සිං සංගමය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර පවතින පරිපාලනමය අර්බුදයක් හේතුවෙන් මෙම සංචාරය සඳහා අවශ්‍ය අවසාන රාජ්‍ය අනුමැතිය (Ministry Approval) ලබා නොදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ හේතුවෙන් රට වෙනුවෙන් පළමු වරට ජාත්‍යන්තර වළල්ලට පිවිසීමට සිටි තරුණ ක්‍රීඩකයන්ගේ සිහින නිලධාරිවාදය හමුවේ වැලලී ගියේය.

ජනප්‍රිය පුවත්  ධර්ම දේශනාව අවලංගුයි! බුදු පිළිමයත් අතුරුදන්! "සාදු" කියන්න පින්වතුනි!

පනාගොඩදී මැරුණු 22කේ යුද හමුදා ක්‍රීඩකයා

නවෝෂධ විමුක්ති කෞෂල්‍ය මෙම සංචාරය අත්හිටුවීමට සමගාමීව ශ්‍රී ලංකා බොක්සිං ක්ෂේත්‍රය වඩාත් කැලඹීමට ලක්ව ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි යුද හමුදා බොක්සිං ක්‍රීඩක නවෝෂධ විමුක්ති කෞෂල්‍යගේ අභිරහස් මරණයත් සමඟය.

නීති විරෝධී ප්‍රහාර:

පනාගොඩ පැවැති අන්තර් රෙජිමේන්තු නවක බොක්සිං තරගාවලියකදී ප්‍රතිවාදී ක්‍රීඩකයා විසින් කෞෂල්‍යගේ හිස පිටුපසට (Back of the head) දිගින් දිගටම එල්ල කරන ලද නීති විරෝධී මාරාන්තික ප්‍රහාර හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.

විනිසුරු නෑදෑකම සහ නිහඬ අවමංගල්‍යය

අදාළ දරුණු නීති විරෝධී පහරදීම් සිදුවන අවස්ථාවේදී තරගය නතර කිරීමට මැද විනිසුරුවරයා (Referee) කටයුතු කර නැත. මෙම විනිසුරුවරයා වත්මන් ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං සභාපතිවරයාගේ සහෝදරයා බවට බරපතල චෝදනා එල්ල වේ. තවද, මෙම මරණයෙන් පසු කෞෂල්‍යගේ අවමංගල්‍ය උත්සවය ඉතා රහසිගතව සිදුකිරීමටත්, නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස ඔහුගේ දෙමාපියන්ට බලපෑම් එල්ල වී ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතැම් ක්‍රීඩා සංගම්වල සුළු වැරදිවලට පවා දැඩි තීන්දු ගත්ත ද, රටට නින්දාවක් ගෙන දුන් රග්බි සංගමයට හෝ ක්‍රීඩකයෙකු බිලිගත් බොක්සිං සංගමයට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ද මෙම මරණය යටපත් කිරීමට උත්සාහ කර ඇති පසුබිමක, කෞෂල්‍යගේ මරණය සහ ජකර්තා සංචාරය අත්හිටුවීම පිළිබඳව වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වා, බොක්සිං සංගමයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කළ යුතු බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අවධාරණය කරති.

ජනප්‍රිය පුවත්  බාල ගල් අඟුරු නිසා විදුලි සැපයුමට විය හැකි දේ….!

( උපුටා ගැනීමක් )

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x