July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේනගේ සෙල්ලම

1 min read

මේ ඉන්නේ සූරසේන ය. සූරසේන දැන් සෙල්ලංසේන බවට පත්ව ඇත්තේ ය. ජනාධිපති අනුර කුමාර මේ සෙල්ලංසේනගේ සෙල්ලමට ගොස් ලෙල්ලන් වෙන්න යන බවනම් හොඳටෝම පැහැදිලිය. සූරසේනගේ සෙල්ලම ලෙල්ලම වනු ඇත්තේ ජනාධිපති අනුර කුමරුගේ වල්ලම පෙනෙන්නට සලස්වලාය.

සූරසේන මානසික රෝගයකු වූයේ ඔහු නාවික හමුදාවට බැඳී සිටියදී ය. වන්දි නොගෙවා නාවික හමුදාවෙන් ඉවත්වීමට සූරසේනට පිහිට වූයේ මානසික ලෙඩේ හෙවත් පිස්සුව ය. අපට හිතෙන්නේ සූරසේනගේ ඒ පිස්සුව තවමත් තියෙන බවය. එහෙම පිස්සුවක් නොමැත්තේනම් සූරසේනයා මෙහෙම පිස්සුවක් නටන්නට විදියක් නොමැත්තේ ය.

අධිකරණ සේවා සංගමයේ විනිසුරුවන් බොහෝ බාධා මැද රැස් වී ඒකමතිකව කියා සිටියේ සූරසේනගේ විශ්‍රාම යන වයස දික් නොකල යුතුය කියාය. නියමිත වයස පැමිණි විට, ඒ යථාර්ථය පිලිගෙන විශ්‍රාම යන්නට හිතෙන්නේ නැත්තේ පිස්සන්ට ය. මීට පෙර සිටි කිසිඳු අගවිනිසුරුවකුට එසේ සිතුනේ නැත. ඒ එතුමන්ලාට, එතුමියන්ලාට පිස්සු හැදී මොළේ මංඤං වී තිබුණේ නැති හන්දා ය. සූරසේන මේ මලපහ කරන්නේ අගවිනිසුරු පුටුව උඩ සිටය. ගඳ ගස්සන්නේ මුලුමහත් අධිකරණ සේවයම ය. ගඳ නොදැනෙන්නේ අනුර කුමරුට ය. සූරසේනගේ පඩගඳත්, අනුර කුමාරගේ සැනසීමට හේතු වන්නේ ය.

ජනප්‍රිය පුවත්  උස මිට්ටෝ

අධිකරණය කැතවීම, විධායකය හෝ ව්‍යවස්ථාදායකය කැතවීමට වඩා භයානකය. සූරසේනගේ බලපෙරේතකමෙන් වෙන්නේ අධිකරණය බල්ලට වැට්ටවීම ය. දැන් වෙමින් පවතින්නේ ඒකය.

තඹුත්තේගම එකා අද සූරසේනයාටම ගැලපෙන්නේ ය. ඒකා බලන්නෙත් බලය බලහත්කාරයෙන් හෝ භුක්තිවිඳින විදිය ගැනය. එතකොට සූරසේනව පෙනෙන්නේ තකට තක වගේය.

නීතියේ දෙවඟනගේ රෙද්ද ගලවා, තරාදිය තම අතට ගෙන මේ නටන නාඩගම කෙලවර වනු ඇත්තේ අනුර කුමරුට ඕන විදිහට නොවේය. සූරසේනයා විශ්‍රාම යනු ඇත්තේ “යන යකා කොරහත් බිඳගෙන” ය. ඒ බව නොතේරෙන උදවියට දේවගැතිගේ පිහිටම ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x