බාල ඖෂධ ලෙඩ්ඩු මරයි !
1 min read
පසුගිය මාස 6 තුළ තත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 40 ක් භාවිතාවෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරින්ට සිදුව තිබේ. මේ අතර, NMRA ආයතනය ඉන්දියාවෙන් ගෙන එන ලද දෝෂ සහිත හෘද ස්ටෙන්ට් වර්ග 3 ක් ද තොග වශයෙන් භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කර ඇත.
වෛද්‍ය සැපයුම් අංශය (Medical Supplies Division) විසින් නිකුත් කර ඇති MSD/Q/S/2026/7 අංක දරණ චක්‍රලේඛයට අනුව, ඉන්දියාවේ Meril Life Sciences Pvt Ltd ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද Biomime Lineage නාමෙයෙන් හඳුන්වනු ලබන Sirolimus Eluting Coronary Stent System නිෂ්පාදන ගණනාවක අනාරක්ෂිත බව හා ආරක්ෂිත ගැටළු රැසක් හඳුනාගෙන ඇත.
මෙම ස්ටෙන්ට් භාවිතයේ දී රෝගියාගේ හෘද රුධිර නාල තුළ නිසි ස්ථානයට ගෙනයාමේ දුෂ්කරතා, ස්ථාපනය කිරීමට පෙර ස්ටෙන්ට් ගැලවී යාමේ අවදානම, හදිසි රුධිර කැටි ගැසීම් (Acute Stent Thrombosis) සහ ස්ටෙන්ට් නිසි ලෙස විහිදා නොයෑම වැනි බරපතල ගැටළු හඳුනාගෙන තිබේ.
එමෙන්ම මෙම දෝෂ හේතුවෙන් රෝගීන්ට අමතර වෛද්‍ය උපකරණ භාවිතා කිරීමට සිදුවීම, සැත්කම් කාලය වැඩිවීම, වියදම් ඉහළ යෑම සහ සංකූලතා ඇතිවීමේ අවදානමද ඉහල යන බව මේ පිළිබඳ වාර්තා වේ සඳහන් වේ. ඒ අනුව SR 13501504, SR 13501506, SR 13501409 යන අංක යටතේ ලියාපදිංචි කර ඇති ස්ටෙන්ට් වර්ග තුණ හා ඒවාට අදාළ BLG16 හා BLG11කාණ්ඩ අංකයන් ය. ප්‍රමිතියෙන් බාල ඉන්දියානු බෙහෙත් හා ඖෂධ උපකරණ විශාල වශයෙන් මෙරට රෝගීන් මරා දැමීමට යොදවනු ලැබ ඇත.
- සහන් එදිරිවීර –


