May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැලවත්තේ විශේෂ ඝාතන කල්ලියක් !

1 min read

පැලවත්තෙන් මෙහෙයවනු ලබන දැනට පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා බුද්ධි අංශය තුළ සිටින ජ.වි.පෙ.ට දැඩි ලෙස පක්ෂපාතී නිලධාරීන් හා ජ.වි.පෙ. 88-89 සමයේ සන්නද්ධ ක්‍රියාකාරකම් හි නියැලි ඒ පිළිබඳ අත්දැකීම් ඇති කිහිපදෙනෙකු එකට ඒකාබද්ධ කර පිහිටුවා ඇති රහසිගත ඝාතන කණ්ඩායමක් පිළිබඳ තොරතුරු The Underground අද අණාවරණය කර සිටි.

අපගේ විමර්ශන කණ්ඩායම විසින් පසුගිය මාස 5 ක පමණ කාලයක් පුරා සිදු කරන ලද විශේෂ ගවේෂණයක් මගින් මෙම ඉතා බරපතල තොරතුරු අණාවරණය කර ගනු ලැබ තිබේ. මෙම ඝාතන කල්ලිය මෙහෙයවනු ලැබීම සිදු කරනුයේ ජගත් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ජ.වි.පෙ. පැරණි පූර්ණකාලිනයෙකි. ඔහු 88-89 කලබල කාලයෙන් පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට ටේලර් සාප්පුවක සේවය කරමින් එකල පැවති රාජ්‍ය මර්ධනයට කොටු නොවී ආරක්ෂා වූ අයෙකි. ඔහු, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ කීකරු අනුගාමිකයෙකි.

පසුගිය කල ඝාතනයට ලක් වූ මහින්ද රාජපක්ෂ දේශපාලනය සමඟ සිට, පසුව එය ප්‍රසිද්ධියේ විවේචනය කරන ලද “කජ්ජා” නැමැති පුද්ගලයාවද මරා දමුනු ලැබ ඇත්තේ මෙම ඝාතක කණ්ඩායම විසිණි. “කජ්ජා” ව “U Tube” නාලිකාවන්ට හඳුන්වා දී රාජපක්ෂලාගේ රෙදි ගැලවීමට අවස්ථාව සලසා දී ඇත්තෙත් ජ.වි.පෙ. ඉහලම නායකත්වයෙනි. කජ්ජා බොහෝ දේ වමාරා ඇත්තේද එහි අනුබලය යටතේය. පසුව කජ්ජාව, ඔහුගේ දරුවන් ද සමග මරා දැමීම සිදු කර තිබෙනුයේත් මෙම ඝාතන කණ්ඩායම ය. එසේ කිරීමෙන්, එකී ඝාතනයේ වගකීම රාජපක්ෂලා මත පැටවීම ඔවුන් අපේක්ෂා කර තිබේ.

ජනප්‍රිය පුවත්  ''සුදා'' නිහඬ වේ!

මීට අමතරව, වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති “ලසා” ට වෙඩිතබනු ලැබ තිබෙනුයේත් මෙම කල්ලිය යි. මෙයට, දසනායක යනුවෙන් හඳුන්වන වෘත්තිය සමිති ක්‍රියාධරයෙක් ද සම්බන්ධ වී තිබේ. ස.ජ.බ. ප්‍රාදේශීය සභා සභාපති (වැලිගම) මරා දැමීමට පෙර දෙනියායේ වූ විශේෂ කාර්ය බලකායේ කඳවුරක් ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති “ලසා” ට තිබුණු තර්ජන සලකා බලා STF මුර සංචාර හා යතුරු පැදි කණ්ඩායම් යොදවා තිබිණි. මෙම ඝාතන කණ්ඩායමට සම්බන්ධ SSP කීර්ති විජේසිංහ විසින් ඝාතනය සිදුවන දින මෙම STF ආරක්ෂක ජාලය, වෙනත් ප්‍රදේශයක රාජකාරී සඳහා යොදවා තිබේ. එමඟින් ඝාතකයන්ට වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා මරා දැමීම පහසු වී ඇත.

ඩෑන් ප්‍රියසාද් ඝාතනය ද මෙම ඝාතන කල්ලියේම ක්‍රියාවක් වේ. පසුගියදා ඝාතනය කෙරුණු මුදල් අමාත්‍යාංශයේ විදේශ ණය කළමණාකරණ කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂවරයෙකු වූ රංග රාජපක්‍ෂ මරා දැමීමට ද මෙම කල්ලිය කටයුතු කර තිබේ.

යුද හමුදා බුද්ධි අංශයේ රහස්‍ය ගිණුමට වෙන් වන සල්ලි, මෙම ඝාතන කල්ලිය සන්තර්පනය කිරීම සඳහා යොදවමින් තිබේ. එම රහස්‍ය ගිණුම විගණනයටද ලක් නොවන බැවින්, ඒ ගැන කිසිවකුට ප්‍රශ්න කර දැනගතහැකි නොවේ.

ජනප්‍රිය පුවත්  යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කරයි!

ගම්පහ දිස්ත්‍රික්කයේ වෙසෙන චන්ඩි ඉතිහාසයකට හිමිකම් තියන ව්‍යාපාරිකයකු ද මෙම ක්‍රියාදාමය සඳහා විවිද අයුරින් සම්මාදම් වේ. අවසාන වශයෙන් මෙම කල්ලිය වගකියනු ලබන්නේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට ය.

තමන්ට බලවත් තර්ජනයක් වන විපක්ෂයේ දේශපාලනඥයින් ඇතුළු විවිධ පිරිස් ඝාතනය කර නිහඬ කරවා, විපක්ෂයක් නැති රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම මෙම ඝාතන කල්ලියේ අරමුණ වී තිබේ.

ජයතිස්ස විජයසිරි –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x