ටිං ටිං ගේ කතා වස්තුව – 04 වැනි කොටස
1 min read
කල්යාමේ දී කාන්තා සංගමයේ මූලස්ථාන කාර්යාලය ටිං ටිං ගේ “සැප භවන” බවට පත්විය. 2004 පමණ වන විට එම කාර්යාලය පැවැතියේ ගොඩගම ය. ගොඩගම අයත් වූයේ හෝමාගම ආසනයට ය.
තට්ටු දෙකේ නිවසක් වූ මෙම කාර්යාලයට ටිං ටිං සතියකට දෙතුන් පාරක් පැමිණියේය. ඒ, මසකට වරක් සිදුකෙරෙන සමාජවාදී කාන්තා සංගමයේ “ජාතික කමිටුව” කැඳවීමට නොවේ. ඔහු ඉඩක් ලද විටෙක කාලය ගත කිරීමට තෝරාගෙන තිබූ ක්ෂේම භූමිය වූයේ එම ස්ථානය නිසාය.
මූලස්ථානය බාරව සිටියේ සුභා නමින් හඳුන්වනු ලැබූ සොයුරියකි. තලෙලු පැහැති තරුණියක් වූ ඇය ටිං ටිං ගේ කාමුක අවශ්‍යතා පිරිමසන ඉරණමට ඇද වැටීමට වැඩි කලක් ගත වූයේ නැත. එකල ටිං ටිං ආව ගියේ “ඩබල් කැබ්” රථයකිණි. එය පදවාගෙන ගියේ ඔහුමය. ඔහු රියදුරකුගේ සේවය ලබා ගැනීමට උනන්දුවක් දැක්වූයේ නැත. මේ නිසා ටිං ටිං ජ.වි.පෙ. මූලස්ථාන කාර්යාලයෙන් නික්ම ගියේ කොහේටදැයි කවුරුවත් දැන සිටියේ නැත.
ටිං ටිං කාන්තා සංගමයේ කාර්යාලයට පැමිණ ඇතැම් දිනවල ආහාර පිසීම ද සිදු කරනු ලබයි. ඒ ඔහුව හිස්මුදුනේ තබාගෙන සිටින “සහෝදරියන්” කිහිප දෙනෙකුත් සමඟ විහිළු තහළු කරමින් ය. සුභා, චන්ද්‍රමාලි සහ ගුරුගේ යන නම්වලින් හඳුන්වන ලද සොහොයුරියෝ ඒ අතර වූහ.
දිනක් චන්ද්‍රමාලිට බඩේ කැක්කුමක් ඇති විය. ඇය වහාම දුරකථනයෙන් කතා කළේ ටිං ටිං ට ය. “ඉන්න මම ඉක්මනින් ඇවිත් තැම්බුම් හොද්දක් හදලා දෙන්නම්” යැයි පැවසා ටින් ටින් ප්‍රමාද නොවී එම කාර්යාලයටම පැමිණියේය. තැම්බුම් හොද්ද හදා එය පොවා, චන්ද්‍රමාලිව තුරුලට ගෙන හුරතල් කර කර ටිං ටිං නික්ම ගියේ රෑ බෝ වූ පසුවය. උදරාබාධය සුව වෙන තරමටම එදින වෙන්න උවමනා දේ විය.
ටිං ටිං සමහර අවස්ථාවල පැමිණ මේ තුන් හතර දෙනා සමග ඉහළ මාලයේ වන කාමරයට යන්නේ ජෝතිපාලගේ සිංදු අසන්නයැයි කියමින්ය. තරුණියෝද එයට එක් වන්නේ හද පිරි සතුටින්ය. ඔවුන් අදහන දේශපාලන පක්ෂයේ “ලොක්කා” මේසේ තමන් සමග කෙළි දොලොන් කාලය ගතකිරීම ඔවුනට ආඩම්බරය ගෙන එන කරුණක් බවට පත්ව තිබිණි. ජෝතිපාලගේ සිංදු ඇසීම පමණක් එහි සිදු නොවේ. සිංදු සමඟ පන්දු කෙලීමද සිදුවන්නේ ඇඟට පතන නොදැනීය.
එකමත් එක දවසකින් අනතුරුව සුභා අතුරුදහන් විය. ඇය කොහේදැයි යන්න විමසද්දී එක එක්කෙනා සතුව වූයේ එක එක පිළිතුරුය. ඇතුමුන් සිතන්නේ ඇයට දරුවකු ලැබීමට නියමිත බව දැනගත් වහාම ඇයව කොහේ හෝ රැගෙන ගිය බවය. එහෙත් අදවත් සුභා ගැන හරි හැටි තොරතුරක් කිසිවකු දන්නේ නැත.
මෙම කාර්යාලයට ගියපසු හොඳ හොඳ සෙල්ලම් සිදුවන්නේ උඩ තට්ටුවේ ඇති නිදන කාමරයේය. එක් තරුණියක් ටිං ටිං ගේ ඔලුව සම්භාහනය කරන විට තවත් තරුණියක් ටිං ටිං ගේ තුරුලට වී සැතපෙන්නීය. එහි සිදුවන නරි නෑවිල්ල ගැන පක්ෂයේ ඉහල මණ්ඩලවල කිසිවෙකු හාං කවිසියක්වත් දැන සිටියේ නැත. කාර්යාලය අවට වූ කලපිල් වලනම් ටිං ටිං නිතර යන එන නිවස ගැන වැටහීමෙන් පසු වූවාත් විය. තනියම ඩබල් කැබ් රථය පදවාගෙන යන ටිං ටිං ව අඳුනාගැනීමට මුදලාලිලාට හැකිව තිබුණි. එහෙත් මුදලාලිලාද හිතා හැටියේ ටිං ටිං මේ නිතර නිතර එන්නේ දේශපාලන වැඩ වලට බවය.
දිමුතු ආටිගල කාන්තා සමගාමයේ නායිකාව වූවාය. ඇය මේ ගැන හොඳටම දැන සිටියේ නැත. නමුත් එහෙන් මෙහෙන් දැනගත් කරුණු සුළු ප්‍රමාණයෙන් වුව සිදුවෙමින් පවතින්නේ නරකක් බව ඇයට වැටහුණාය. ඉවසිය නොහැකි තැන ඇය ඒ ගැන කීවේ “ගුණ්ඩා”ට ය’
මතු සම්බන්ධයි.
උපරිම වමා –