July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පරස්පරය!

1 min read

ධම්පියා අටුවා ගැටපදය බිහිවූයේ 9 වැනි සියවසෙහි දීය. සිංහල සාහිත්‍යයේ හමුවන පැරනිතම ගද්‍ය ග්‍රන්ථය වන්නේ එය ය. එහි පාලි පාඨ විස්තර කිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ “පරස්පර“ යන්නය. ඒ කාලයේ “පරස්පරය“ යන වචනය භාවිත වී ඇත්තේ “එකිනෙක හා බැඳුණු“ හෝ අනුක්‍රමික යන අර්ථය ඵල කිරීම සඳහාය.

13 වැනි සියවසේ දඹදෙනි යුගයේ බිහි වූ මයුරපාද බුද්ධ පුත්‍රයාණන් වහන්සේ විසින් රචිත පූජාවලියේ මහා සඟරුවනේ හෝ මිනිසුන්ගේ සබඳතා පැහැදිලි කිරීමේදී “පරස්පර භක්තිය“ හෙවත් එකිනෙකා කෙරෙහි වන භක්තිය යන අර්ථයෙන් “පරස්පර“ යන වචනය යොදාගෙන තිබේ. එහි “පරස්පර උපකාරය“ යනුවෙන් යොදා ඇත්තේ අන්‍යෝන්‍ය උදව් උපකාර ගැන කීමටය එකිනෙකා කෙරෙහි ක්‍රෝධ නොකොට, පරස්පරව වාසය කිරීම යන අර්ථයෙන්ද සද්ධර්මරත්නාවලිය කෘතියේ “පරස්පරය“ යන වචනය යොදාගෙන තිබේ.

පරස්පර යන්න සංස්කෘත පදයක පර + පර අතර මැදට “ස්“ (S) ශබ්දය එකතු කිරීමෙන් “පරස්පර“ යන වචනය නිම වේ. මෙයට කියන්නේ ආගම සන්ධිය කියාය. පද දෙකක් (පර +පර) එකතුවීමේ දී මුල් පදයේ අගට හෝ පසු පදයේ මුලට අලුතින් අකුරක් එකතුවීමට කියන්නේ ආගම සන්ධිය කියාය.

නූතන සිංහල සාහිත්‍යයේ දී පරස්පර යන්නෙන් අදහස් වන්නේ වෙනස්වීම හෝ ප්‍රතිවිරුද්ධ වීම (Logical Contradiction) යන අදහසය. අප මේ විමසන්නේ ඒ අර්ථයෙන් වන ආණ්ඩුවේ “පරස්පරය“ ගැනය. මේ “පරස්පරය“ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ සොහොන් ලකුණ වීමට ඇත්තේ කෙබඳු ඉඩක් දැයි ඔබට මේ මගින් පැහැදිලි වනු නිසැකය.

වර්ථමාන ජ.වි.පෙ නිර්ධන පංති ව්‍යාපාරයක් ද නොවේ. එසේ නොවන්නේත් නෙවේ. මේ වූ කලී පළමු පරස්පරය ය.

නිර්ධන පංති ව්‍යාපාරයක් නම් වර්තමාන ජ.වි.පෙ. සිටිය යුත්තේ දේශීය ගොවියාගේ පැත්තේය. මේ ජ.වි.පෙ. ආණ්ඩු බලය සහිතව ඉන්නේ හාල්මෝල් හිමියාගේ පැත්තේය. ජ.වි.පෙ. ආණ්ඩුවක් යටතේ කරල පැහී “කල්ල මරේ“ වී ඇත්තේ හාල්මෝල් හිමියන්ගේය. ගොවියා ඉන්නේ අන් කවරදාටත් වඩා පට්ට දුකේය. නිර්ධන පන්ති ව්‍යාපාරයක නායකත්වය යටතේ වන ආණ්ඩුවකින් එසේ විය නොහැක. එහෙත් සිදුවන්නේ එයමය. එයින් කියවෙන්නේ ඇත්තටම දැන් ජ.වි.පෙ. නිර්ධන පන්ති ව්‍යාපාරයක් නොවන බවය.

ජනප්‍රිය පුවත්  සමනලයෝ සහ සමනලියෝ !

දැන් තියෙන ජ.වි.පෙ. අධිරාජ්‍ය විරෝධීද? මේ ජ.වි.පෙ. බලය හොබවන මෙකල “BRICS“ සමුළුවට ජනාධිපති අනුර සහභාගී වන්නේ ද නැත. ෂැංහයි කෝපරේෂන් පැත්ත පළාතේ යන්නේ නැත. චීනයේ සාගර ගවේෂණ යාත්‍රාවකට වැරදිලාවත් එන්නට දෙන්නේ ද නැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දු පැසිපික් උපායමාර්ගයට අනුව සියල්ල සිදුවන්නේය. අපේ ගුවන් හමුදාවට ඇමෙරිකාව චොපර් දෙන්නේ නිකන් නොවේය. ඇමෙරිකා එක්සත් ජනපදය ඉන්නේ මේ ආණ්ඩුව ගැන පට්ට සතුටින්ය. ඔවුන් මේ දක්වා මේ ආණ්ඩුවට හානිකරව බලපාන කිසිදු ප්‍රකාශයක් හෝ නිකුත් කර නැත. ඒ මතුපිට නිරීක්‍ෂණය හරහා ගැඹුරට ගිය විට පේන්නේ මේ ජ.වි.පෙ. මූලික වශයෙන් තමන් ලද ආණ්ඩු බලය යොදවා ගෙනඇත්තේ අධිරාජ්‍ය විරෝධී අර්ථයෙන් නොවන බවය. එබඳු අධිරාජ්‍ය විරෝධී අර්ථයකින් ජ.වි.පෙ. ආණ්ඩුකරණය සිදුවේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිනවන්නට ජ.වි.පෙ. ආණ්ඩුව කටයුතු කරන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවනත දකුණු ආසියාවේ හොඳම හීලෑවන්තයා ලංකාව බවට පත්කර ඇත්තේ ජ.වි.පෙ. විසින් මෙහෙයවන මේ ආණ්ඩුවය. ඒ අනුව මෙය අධිරාජ්‍ය විරෝධී ද නොවන බව ඔබට පැහැදිලි විය යුතුය.

ඊළඟට ජ.වි.පෙ.ට වූ අනන්‍යතාවය වූයේ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි යන්නය. ජ.වි.පෙ. විසින් මෙහෙයවන මේ ආණ්ඩුව තරම් ඉන්දියාවට උපරිමයෙන් “දුකපුන්“ ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ තිබී නැත. ඉන්දියානු ප්‍රමිතිය අපේ ඖෂධ වෙළඳපොළට 76 වසරක ශාපයේදීවත් පිළිගත්තේ නැත. අප සිටියේ ඖෂධ භාවිතයේ දී බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ හෝ ඊට උඩ ප්‍රමිතියේය. බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ බෙහෙත් පෙත්තකින් ලැබෙන ගුණය ලබාගන්නට ඉන්දියානු ප්‍රමිතියේ බෙහෙත් පෙති දෙක තුනක් වත් බොන්නට වුවමනාය. රටේ රෝගීන්ට ඒ දාර “වැරි කැඩේ“ කළේ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව සටන් කළ ජවිපෙ විසින් මෙහෙයවන ආණ්ඩුවමය. ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුමක්ද ඇතුළත්ව ගිවිසුම් 7 ක් අත්සන් කර හන්ගාගෙන ඉන්නෙත් වෙනින් කවුරුවත් නොව ඉන්දීය ව්‍යාප්තවාදයට පට්ට විරෝධී සන්නාමයකට හිමිකම් කියන අරුම පුදුම ජ.වි.පෙ. ආණ්ඩුවමය. ඒ අනුව පිළිගැනීමට සිදුවන්නේ ආණ්ඩු බලය හොබවන ජ.වි.පෙ. ඉන්දීය ව්‍යාප්තවාදයට රුකුල් දෙනවා මිස එයට එරෙහිව නොයන බවය.

ජනප්‍රිය පුවත්  කෙබරයාගේ ගණිතය‍

ඒ අනුව අවසාන නිගමනය කුමක්ද?

ජ.වි.පෙ. දැන් නිර්ධන පංති ව්‍යාපාරයක් නොවේ. එය ලංකාවේ බිලියන ගණනක අරමුදල සහිත ලොකුම ධනපති පක්ෂය බවය. එය දැන් ලංකාවේ උඩම ඉන්න කොම්ප්‍රදෝරු ධනපතියන්ගේ සිහින සඵල කරන එකම එක පක්ෂය බවට පත්ව තිබෙන බවය.

සාමාන්‍යයෙන් ලංකාවේ ධනපතියෝ ඡන්දවලදී ප්‍රධාන තරගකාරී පක්‍ෂ දෙකටම සල්ලි පූජා කරති. ඒ කවුරු දින්නත් තමන්ට අගතියක් නොකර ගැනීම සඳහාය. මෙරට ධනපතීන්ට ජ.වි.පෙ. වැනි පක්ෂයක ආණ්ඩුවක් හමුවූයේ ප්‍රථම වතාවටය. දැන් ඒ ආණ්ඩුව ධම්මිකලාට, ඉෂාරලාට පට්ට පදිරිය. හැබැයි ඊළඟ තීරණාත්මක ඡන්දය ලඟා වන විට ජ.වි.පෙ. ඒ අයට දිගු කරන්නේ දුෂණ විරෝධී කඩුවමය. එයින් බියට පත්වන මේ ධනපතියන් ඒ තියෙන ඡන්දයේදී උවමනාව තිබුනත් ජ.වි.පෙ.ට හැර වෙන අන් කෙනෙකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් මුදල් යොදවන්නේ නැත. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන් අවනත වන්නේ ජ.වි.පෙ.ට ය. එවිට සිදුවන්නේ ධනයේ බලය පිළිබඳ ඒකාධිකාරය ජවිපෙ සතුවී මහජන බලය පැවතියද විපක්ෂයේ මෙහෙයුමට ධනයේ බලය අහිමිවීමය.

ඇමෙරිකාවට ද ජ.වි.පෙ. ආණ්ඩුකරණය ok ය. ඉන්දියාවට ද ok ය. ධම්මිකලාට ද ඉෂාරලාට ද තවත් බොහොමයක් ධනපතියන්ට ජවිපෙ ආණ්ඩුව ok ය. එය ok නොවන්නේ ඒ වන විට ගොවියන්ටය. කම්කරුවන්ටය. දුගියන්ටය. වැනසෙන මැද පන්තියටය. දේශීය නිෂ්පාදකයන්ටය. කොම්ප්‍රදෝරු ධනපතියන් නොවන ධනපතියන්ටය. ඒ කට්ටිය ඒ අස්සේ සොයන්නේ තමන්ට නායකත්වයක්ය. ඒ නායකත්වය දෙන්නට විපක්ෂයේ ඉන්නේ කවුද?

ජනප්‍රිය පුවත්  රංග දිසානායක කතා වස්තුව II

එතැනද ඇත්තේ පරස්පරයක්ය. මේ පරස්පරය විසඳා ගැනීමෙන් තොරව, රටට ගොඩ ඒම පට්ට අසීරුය.

ජ.වි.පෙ.ට අදාළව නම් දැන් “පරස්පරය“ යන වචනය අදාළ වන්නේ නමවැනි සියවසේ එම වචනයට හිමිව තිබූ අර්ථයෙන්ය. එනම් එකිනෙකා හා බැඳුණු යන අර්ථයෙන්ය. 13 වැනි සියවසේ පූජාවලියේ එන “පරස්පර භක්තිය“ හෙවත් එකිනෙකා කෙරෙහි වන භක්තිය යන අර්ථයෙන්ය. ඒ එකිනෙකා වෙනින් කවුරුත් නොවේ. කොම්ප්‍රදෝරු ධනපති පන්තිය ය. ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ය. ඉන්දියානු කලාපීය ආධිපත්‍යවාදය ය. පරස්පරය යන වචනයේ තේරුමින් ජ.වි.පෙ. ඉන්නේ මේ සාධක සමඟ එකිනෙකා හා බැඳීය. එකිනෙකා කෙරෙහි වන භක්තියෙන්ය. එබැවින් නූතන යුගයේ පරස්පරතාව වචනයට ලැබී ඇති අර්ථයෙන් ජ.වි.පෙ. ගැන විමසා බැලීම නොකළ මනාය. ඒ නූතන ජ.වි.පෙ. අයත් වන්නේ 9 වැනි සියවසියට හෝ 13 වැනි සියවසට මිස නූතන සියවසට නොවන නිසාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x