April 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ධම්මිකගේ කරල පැහේ! ජනාධිපතිගේ ”හුණ්ඩු” මොලේ!

1 min read

ලාෆ් ගෑස් අයිතිය තිබුණේ වෑගපිටියට ය. වෑගපිටියගේ ව්‍යාපාර පසුගිය කාලයේදී දරුණු බිඳවැටීමකට ලක් විය. වෑගපිටිය කාලයක් තිස්සේ උත්සාහ කළේ හම්බන්තොට ගබඩාවට ගෑස් ගෙනවිත් ‘‘ලිත්‍රෝ“ සමාගමට ඒවා විකුණන්නට ය. පසුගිය ආණ්ඩුවලින් මේ වැඩේ කරගන්නට වෑගපිටියට හැකි වූයේ නැත. මහින්ද රාජපක්ෂට මෙන්ම, රනිල් වික්‍රමසිංහට ද මේ ඉල්ලීම ආවේ ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක්ද සමඟිනි. එහෙත් ලිත්‍රෝ සමාගමට එමගින් වෙන හානිය මත ඒ කිසිවෙකුත් වෑගපිටියගේ ඉල්ලීම ඉටු කළේ නැත.

වෑගපිටියට හම්බන්තොට ගබඩාවේ ගෑස් ගබඩා කරන්නට අවස්ථාව ලැබුණේ ද පුනරුද ආණ්ඩුව හුණ්ඩුවේ බලය පිහිට වූ පසුව ය. වෑගපිටිය එහිදී අල්ලන්නට වුවමනා නිලයම ඇල්ලුවේ ය. ඒ ධම්මික පෙරේරා ය. තම සමාගමේ ප්‍රධාන කොටස් හිමියකු බවට ධම්මික පත්කර ගත්තේ, වෑගපිටියගේ වැඩේ ඉටු කරගන්නට ය. ධම්මික එහි ප්‍රධාන කොටස් හිමියෙකු වූ වහාම හම්බන්තොට ගබඩාව ‘‘ලාෆ්“ ගෑස් සඳහා විවෘත විය.

එය වෙනුවෙන් එකල යෝජනා කළ ඩොලර් මිලියන 250 අල්ලස මෙකල ගත්තේ කවුදැයි අප දන්නේ නැත. මොකා කළත් එය කරනු ඇත්තේ මේ ගාන හෝ ඊට වඩා වැඩි ගානක් අතට ගෙන බව පැහැදිලි ය. හුණ්ඩුවේ හැටි එහෙම ය. ඒත් මැච් එක ඉවර නැත.

ජනප්‍රිය පුවත්  පාතාල ප්‍රවර්ධනය

ඊළඟ උවමනාව කුමක් ද? එය වූ කලී, ලාෆ් සමාගම විදේශයට විකුණන ගෑස් ප්‍රමාණයෙන් 20%ක් මෙරට වෙළඳපොළට අලෙවි කිරීමට ගිවිසුම් ගත වී තිබුණි. පසුව එම සමාගම විදේශ වෙළඳපොළට ගෑස් විකිණීම කළේ නැත. හුණ්ඩුවේ ජනාධිපති නම් කියන්නේ බංගලාදේශයේ ඇති වූ අරගලය නිසා එය එසේ වූ බවය. එම අරගලය නිසා බංගලාදේශයේ ගෑස් පරිභෝජනය අතහැරියේ දැයි අප නම් දන්නේ නැත.

කෙසේ වෙතත්, දැන් කළ යුත්තේ ඉතිරි වැඩේ ය. එයනම්, ලාෆ් සමාගම ගෙනා ගෑස් ලිත්‍රෝ සමාගම විසින් මිලදී ගැනීම ය. එය නිකම්ම කළ හැක්කක් නොවේ. ඒ සඳහා අර්බුදයක් ඇතිවිය යුතු ය. වෙන අර්බුදයක් නොව ගෑස් සැපයුමේ අර්බුදයක් ඇතිවිය යුතුය.

ඒ සඳහා ලිත්‍රෝ සමාගම වෙළද ඇමති වසන්තර සමරසිංහගේ උපදෙස් මත කළේ, නියමිත සුදුසුකම් සපුරා නොතිබූ ඇමෙරිකානු සමාගමට ගෑස් සැපයීම බාර කිරීම ය. ඒ සමාගමට නැව් ඇත්තේ 2කි. මෙම කලාපයේ කිසිම රටකට ඔවුන් ගෑස් සපයන්නේ නැත. අවසානයේදී වූයේ ගෑස් හිඟයකට රට ඈද වැටීම ය.

දැන් ‘‘අර්බුදය“ ඇතිවී තිබේ. මීළඟට කළ යුත්තේ ධම්මික පෙරේරාගේ ඉල්ලීම ඉටු කිරීම ය. එනම් වෑගපිටිය හා ධම්මික සතු ලාෆ් සමාගම ගෙනා ගෑස් රජයේ ලිත්‍රෝ සමාගමට විකිණීමට ඉඩදීම ය. ගබඩා පහසුකම් දුන් ආණ්ඩුව, දැන් වෙළඳපොළට ‘‘ලාෆ්“ ගෑස් බෙදා හැරීමට නිදහස පිරිනමා ඇත.

ජනප්‍රිය පුවත්  ''ලූස් මෝෂන්"

මේ ව්‍යාපාරික ජාවාරම එලෙස සිදුකළ ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණ කියන්නේ තමන් හදිසි නීතිය පැනවූයේ ද ඒ වැඩේ සඳහා බව ය.

ට්‍රම්ප්පච්චි දන්නවනම්, හුණ්ඩුවේ ජනාධිපති එතුමාට මුවා වී ගහන ගේම්, හාට් ඇටෑක් හැදී මැරෙන්නේ මීට පෙර ය. දැන් ඉතින් අපි ධම්මිකගේ කරල පැහෙන අන්දම දෙස පමණක් නොව පැලවත්තේ කරල පැහෙන අන්දම දෙස බලා සිටිමු.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
dafabet mobile app
dafabet mobile app
1 month ago

Downloading the Dafabet mobile app now. So tired of being chained to my computer! If this app runs smooth, it’ll be a game changer. I’ll download it dafabet mobile app and let you know.

1
0
Would love your thoughts, please comment.x
()
x