July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දේශපාලන බලපෑම් නිසා රයිගම් උඩුගහපත්තුවේ සමූපකාර සභාපති සහ උප සභාපති ඉල්ලා අස්වෙයි

1 min read

දේශපාලන බලපෑම් සමග කටයුතු කිරීමට නොහැකි බව පවසමින් රයිගම් උඩුගහපත්තුවේ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ බව දැනුම්දෙමින් සභාපතිවරයා යොමු කළ ලිපියේ දැක්වෙන්නේ, “2025-03-02 දින සිට මා නියෝජනය කරන දේශපාලන ධාරාවෙන් ඔබ සියලු දෙනාගේම ආශිර්වාදයෙන් සහ සහයෝගයෙන් මා සභාපති ධූරයට පත් වීමෙන් අනතුරුව සමිතියේ උන්නතිය වෙනුවෙන් මගේ කාලය, ශ්‍රමය මෙන්ම ව්‍යාපාරික කටයුතු ද පසෙකලා අධ්‍යක්ෂ මණ්ඩලය, සාමාන්‍යාධිකාරීතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලය එක්ව මූල්‍ය අර්බූද, පරිපාලන අර්බුද, බාධක, දුෂ්කරතා, අභියෝග සියල්ලට මුහුණ දෙමින් කළුතර දිස්ත්‍රික්කයේ සමිති 10 අතරේ ඉහළටම ඔසවා තබමින් බස්නාහිර පළාත් කොමසාරිස්ගේ ඇගයීමටද ලක්වුණා.”

“වර්තමානයේ පැන නැගී ඇති ගැටලූ රාශියක් හේතුවෙන් 2026 – 07 – 06 දින සිට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔබට දන්වා සිටීමි.”

“මේ වනවිට සමිතිය දැඩි දේශපාලන මැදිහත් වීමකට ලක්ව සිටින අතර මේ පිළිබඳව උප සභාපතිතුමා දැඩි විරුද්ධත්වය සහ අප්‍රසාදය පළ කළ අතර මටත් වඩා උප සභාපතිතුමා අවස්ථා කිහිපයකදීම මෙම ක්‍රියාවලිය සිදු නොකරන ලෙස දැඩිව ප්‍රකාශ කර සිටියා.”

ජනප්‍රිය පුවත්  රුපියල කඩා වැටෙයි…!

“නමුත් අපට ඇහුම්කම් නොදුන් අතර මේ හේතුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ද යම් ගැටලු තත්ත්වයක් මතුවූ අතර අපට උපදෙස් හා මඟපෙන්වීම් කළ යුත්තේ සමූපාකාරය පිළිබඳ හසල අත්දැකීම් ඇති සමුපාකාර නීතිය, ව්‍යවස්ථා පිළිබඳව අවබෝධයකින් යුක්ත පරිණත පුද්ගලයෙක් මිස කිසිවක් නොදන්නා හිතවතුන් නොවන බවත් ඔවුන් ඉදිරියේ රූකඩයින් ලෙස පෙනී සිටිමින් සභාපති ධූරය හෑල්ලුවට ලක් කර ගනිමින් සභාපති ධුරයේ රැඳී සිටීමට ඇති අකමැත්ත මත මෙම තනතුරින් ඉවත් වූ බව ප්‍රකාශ කරමි.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x