July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිට්වා ආපදා පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීමට එරෙහි පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග..

1 min read

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ හානි අවම කිරීම සඳහා පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 30 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

ඒ, මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කර තිබු පෙත්සමක් ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලිගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ දිට්වා සුළි කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීම් සිදුකර තිබියදී ඉන් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා රජය විසින් පූර්ව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x