April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තෙල් මිල වැඩි කර බිලියන 10ක අතිරේක ලාභයක්!

1 min read

ලෝක වෙළදපොළේ තෙල් මිල පහළ යමින් තියෙද්දී ඊයේ(09) රාත්‍රියේ සිට මෙරට ඉන්ධන මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමා තිබේ.

පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කළේ මාසයකට සරිලන තෙල් රට තුළ තිබෙන බවත්, ඒවන විටත් තවත් තෙල් නැව් ලංකාව කරා පැමිණෙමින් ඇති බවත්ය.

එමෙන්ම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ මාසය තුළ ඉන්ධන මිල වැඩි නොවන බවයි. වැඩිදුරටත් ඔහු පවසා සිටියේ මෙම මාසයේ ඉන්ධන ලබා ගන්නා මිලට අනුව මිල ගැලපීම සිදු කෙරෙන්නේ ලබන මාසයේදී බවයි.

එසේ තිබියදී සෑම ඉන්ධන ප්‍රභේදයක්ම රුපියල් 20ට වඩා වැඩි අගයකින් ඉහල දැමීමෙන් ඛනිජ තෙල් සංස්ථාව, ඉන්දියන් ඔයිල් සමාගම ආදී ආයතන ලබාගන්නා අතිරේක ලාභය රුපියල් බිලියන 10කට වඩා වැඩි යැයි එකී ආයතන ආරංචි මාර්ග පෙන්වා දේ.

තෙල් මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම දරා ගත නොහැකි බව බොහෝ පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

ඉන්ධන සඳහා පනවා ඇති බදු අහෝසි කරමින්, ඉන්ධන මිල පහත හෙළන බව බලය ලබා ගැනීමට පෙර අනුර කුමාර පවසා සිටියේ ය.

ජනප්‍රිය පුවත්  නීතිපති ඉවත්කිරීමට විශ්වාසභංගයක්!

ඉන්ධන මිල ඉහළ යාමත් සමග, ධීවර කටයුතු සහ අනෙකුත් සෑම පාරිභෝගික ද්‍රව්‍යයකම මිල ඉහළ යනු ඇත.

කපිල තෙවරක්පෙරුම

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x