ඩෙංගු මරණ 59ට නගී
1 min read
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට 2026 වසරේ අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අංශවල දත්තවලට අනුව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව 2026 වසරේ 29 වන සතිය වන විට අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබේ.
