April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රැක පැන්න වට ගල

1 min read

මේ දවස්වල උෂ්ණත්වය බෙහෙවින් වැඩිය. ශරීරයට දැනෙන තද උෂ්ණත්වය නිසා ඇතමුන්ගේ සිහි විකල්විය හැකි යැයි මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කර ඇත. ඒ කතාව ඇත්ත බව ප්‍රත්‍යක්ෂව අවබෝධ වුණේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පසුගිය දිනයක පොලිසියට දාපු ‘‘පාට් එක“ දැකලා ය. වටගලගේ පටපිලි උනා දැමූ ඒ ‘‘පාට් එක“ ‘‘ට්‍රැක් පැන“ නොමැත්තේ නම් දාන්න ඉඩක් නැති බව අපට හොඳටෝම විශ්වාස ය.

සංවර්ධන කමිටුවක සභාපතිවරයා ලෙස සිටිමින් අධික උෂ්ණත්වය නිසා ‘‘ට්‍රැක“ පැන්න වටගල පවසන්නේ, පොලිස් නිලධාරීන් සිය රාජකාරිය සිදු කිරීමේදී තමාට අයත් බල ප්‍රදේශයෙන් පිටතට යන්නේ නම් ඒ බල ප්‍රදේශය භාර පොලිසියේ ප්‍රධානියාට දන්වා එය සිදු කළ යුතු බවය. මත්ද්‍රව්‍ය වැටලීමකට අදාළව සිදුකරන ලද අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව මල පැන්න වටගල එසේ විධානය කළේය.

පොලිස් ආඥා පනතට අනුව පොලිස් නිලධාරියකුට සිය රාජකාරිය සිදුකිරීමට සීමා මායිම් නොමැත. නීතිඥයෙකු ද වන වටගලයාට මල පැන්නේ ට්‍රැක පැන ඇති නිසාම විය නොහැක. නීතිඥයකු වන වටගලයා පොලිස් ආඥා පණත කියවලා බලා නැති නිසා මලපැන්න බව නම් ඉතා පැහැදිලිය.

ජනප්‍රිය පුවත්  ඉඩම් හිමි ජෙප්පෝ! කප්පන් කප්පිත්තෝ!

වටගලයාගේ පොඩි එකා ට්‍රැක පැන ඇති අන්දම දන්නා අපි ඒවා ගැන කිසිත් නොලියන්නේ ඒ පොඩි එකා ගැන අපට මල පැන නැති නිසාය. පොලිසිය රාජකාරිය කළ යුතු මායිම් රේඛාව තීරණය කිරීමට වටගලයාට ඇත්තේ කුමන බලයක් ද?

ට්‍රැක පැන ඇති වටගලයා එකක් දැන ගත යුතුය. උබලාට පාපිසි කියා කීවේ උඹලගේ ලොක්කා ය. පාපිසි ගන්නේ කකුල් පිස දාන්නට ය. කුමන සමාජ මාධ්‍ය වොෂින්ටන් කෙනෙකුටවත් උබලාගේ ගත තැවරී ඇති කුණු ඉවත් කළ නොහැක. තව ටික දවසකින් ඒ බව ජනතාව ප්‍රායෝගිකව වටහා දෙනු නිසැක ය.

ට්‍රැක පැන්න වටගලගෙන් අප ඉල්ලන්නේ, උඹලාගේ ජනාධිපති ජන සතු කරපු ජයවර්ධනපුර රෝහලේ ඇඳ මතට වී සමාදානයේ සැතපෙන මෙන්ය. එවිට පමණක් ඔය බෙලෙක් හඬින් දාන හුණ්ඩු ටෝක් අපට අසන්නට සිදුවීමේ පාපයෙන් ගැලවිය හැක.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x