ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවයි…!
1 min read
රියාද් වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවීමට ශ්රීලන්කන් ගුවන් සේවය තීරණය කර ඇති බව වාර්තා වේ.
සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොළ ආශ්රිතව මෑතකදී සිදු වූ ආරක්ෂක සිදුවීම සහ පවතින ආරක්ෂක හා මෙහෙයුම් තත්ත්වයන් ඇගයීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
එම සමාගම ඊයේ (09) දින නිවේදනය කළේ හෙට (11) දිනය දක්වා රියාද් නුවර වෙත සිදු කරන සියලුම ගුවන් ගමන් නවතා දමන බවය.
අද (10) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලන්කන් ගුවන් සමාගම, එම කාලය ලබන 18 වනදා දක්වා තව දුරටත් දීර්ඝ කර ඇති බව සඳහන්ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට 1979 හෝ 011 777 1979 / WhatsApp 074 444 1979 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන ලෙස ගුවන් මගින්ට එම ආයතනය දැනුම් දී ඇත.
නැතහොත් ඔබේ සංචාරක නියෝජිතයා හරහා හෝ www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරැ දැන ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.
