May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කපිල චන්ද්‍රසේන සිය දිවි නසාගෙන?

1 min read

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මිල දී ගනු ලැබූ “එයාර් බස්” ගනුදෙනුවකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාරගතකර පසුව ඇප මත නිදහස් වූ කපිල චන්ද්‍රසේන සිය දිවි හානිකරගෙන ඇතැයි වාර්තා වේ. කොල්ලුපිටියේ පිහිටි ඒ මහතා පදිංචි නිවසට ඔහුගේ නීතිඥයා යන විට කාමරයේ ඇද වැටී තිබූ කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර දැක තිබේ.

ඇප ලබා ගැනීමේ දී කුලියට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ශරීර ඇප සඳහා ඉදිරිපත් කිරීම මගින් කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කිරීමට මහේස්ත්‍රාත්වරය ඊයේ නියෝග කරන ලදී. එම හේතුව මත මෙම සියදිවිහානිකර ගැනීම සිදුවූවා දැයි විමර්ශන කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.

කපිල චන්ද්‍රසේනගේ පවුලේ සාමාජිකයින් පදිංචිව සිටින්නේ ඕස්ට්‍රෙිලියාවේ ය.

රිමාන්ඞ් භාරයේ සිටියදී තම නීතිඥවරයා මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සමක් මගින් කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර තිබුනේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක විසින් කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවේ බෙහෙත් ගෙන් වූ ව්‍යාපාරිකයා සිය දිවි නසා ගත්තා සේ තමන්ට ද සියදිවි නසා ගැනීමට සිදුවනු ඇතැයි කියා තර්ජනය කරන ලද බවය.

ජනප්‍රිය පුවත්  IRIS ඇතුළු ඉරාන නැව් ආවේ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන්! ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති තොරතුරු ‘‘බෝම්බයක්“ ගසයි!

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා විවාහ වී ඇති කාන්තාවගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී සිටියේ කපිල චන්ද්‍රසේනව ය. මේ ඥාති සම්බන්දතාව මත ඇප ලැබීමෙන් පසු ඔහු ගොස් ඇත්තේ අරවින්ද ද සිල්වාගේ නිවසටය. දැඩි මානසික ආතතියකින් සිටි කපිල චන්ද්‍රසේන, කිසිදු බීමක් හෝ ආහාරයට නොගෙන එම නිවසේ කාමරයකට වී දොර වසාගෙන තිබේ.

ඊයේ ඇප අවලංගුකිරීමේ නියෝගය ලැබීම හේතුකොටගෙන කපිල චන්ද්‍රසේනගේ නීතිඥයන් අද ඔහු සොයා පැමිණ ඇත්තේ උදෑසනය. එවිට කාමරයේ දොර විවෘත කර බලනවිට ඔහු බිම ඇද වැටී සිට තිබේ. සිහින් පටියක් උපයෝගී කරගනිමින් ඔහු දිවිනසාගෙන තිබෙන බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

විජිත ජයවර්ධන –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x