June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එපා කිව්ව නිල නිවාස ගත්තලු! කථානායකට නිල නිවාස 2යි!

1 min read

මාදිවෙල නිවාස පරිශ්‍රයේ මන්ත්‍රීවරුන් 120කට ඉඩ පහසුකම් ඇති අතර දැනට එහි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 111 ක් සිටින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එහි තවත් නිවාස හතක් සේවා සැපයීම් සඳහා වෙන්කර ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඊට අමතරව බම්බලපිටිය ලොරිස් නිවාස පරිශ්‍රයේ මන්ත්‍රීවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට නිවාස හතක් ලබා දී ඇති බවත් කතානායකවරයා ද එහි නිවාසයක සිටින බවත් නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි. ඒ අනුව කථානායකවරයාට කථානායක නිල නිවසට අමතරව ලොරිස් නිවාස පරිශ්‍රයේ ද නිවසක් ලබාදී ඇත.


ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඇමතිවරුන්ට නිවාස ලබා නොදෙන බව ප්‍රකාශ කළ ද මේ වන විට තිරය පිටුපසින් මැති ඇමතිවරුන්ට නිවාස ලබා දෙන්නේ දැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x