June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උළුගේතැන්න සැප්තැම්බර් 10 දක්වා රිමාන්ඩ්!

1 min read

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා සැප්තැම්බර් 10 දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණය තීරණය කර තිබේ. ඒ ශානි අබේවික්‍රම ප්‍රමුඛ CID ය ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගනිමිනි.

අපගේ බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කර ඇති පරිදි, උළුගේතැන්න මහතාව බැලීමට සතියකට වරක් ඔහුගේ බිරිඳ හෝ පවුලේ උදවිය පැමිණෙන අතර, ඔහු අනෙක් දිනවල ආහාරයට ගන්නේ සාමාන්‍ය සිරකරුවන් ආහාරයට ගන්නා කෑමය. ඔහු තම පවුලේ සාමාජිකයන්ට පවසා ඇත්තේ සතියකට වරක් තමන් බැලිමට පැමිණිම ප්‍රමාණවත් බව ය.

උළුගේතැන්න මහතා කිලෝමීටර් දහස් ගණනාවක් මුහුදේ ඈත ගිහින් කොටින්ගේ අවි ගබඩා විනාශ කිරීමට මූලිකත්වය ගත් නාවික හමුදා නිලධාරියෙකි. මේ පාවෙන අවි ගබඩා විනාශ නොකළා නම්, එම අවි බලය කොටි ත්‍රස්තයන් අතට පත්වීම වැළැක්විය හැකි නොවේ. එසේ වූයේනම්, ශ්‍රී ලංකා යුද හමුදාවට එම අවිබලයට මුහුණ දී ත්‍රස්තවාදීන් පරාජය කිරීම ඉතා අසීරු අභියෝගයක් වනු නිසැකය. මේ හේතුව මත කොටි ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ විදේශගත ක්‍රියාකාරීන් උළුගේතැන්න මහතා ඇතුළු නාවික හමුදාව සමඟ සිටින්නේ දැඩි වෛරයකිනි.

ජනප්‍රිය පුවත්  මෙවර ආර්ථීක සමුළුවෙන් හදුන් කැපේ! හරිනි යයි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x