July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දීය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ යයි.. රජය ඉන්දියාව සමඟ හදිසි සාකච්ඡා ඉල්ලයි..

1 min read

ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වී ඇති ලංසු මිල ගණන්, ඉන්දියාව පොරොන්දු වූ ආධාර මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මේ හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් ඉන්දීය නියෝජිතයන් සමඟ විශේෂ හමුවක් ඉල්ලා තිබේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පද්ධති ඒකාබද්ධ කරන්නා (Master System Integrator – MSI) ලෙස කටයුතු කිරීම සඳහා ඉන්දීය සමාගම් පහක් තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලබා ඇත. Infosys Ltd, Tata Consultancy Services Ltd, Protean e-Gov Technologies Ltd, RailTel Corporation of India Ltd සහ Bharat Electronics Ltd යන එම සමාගම් අතරින්, ඉහළම තාක්ෂණික සහ මූල්‍ය ලකුණු ලබා ගත් සමාගමේ ලංසුව ඉන්දීය රුපියල් බිලියන 7ක් (රුපියල් බිලියන 24.6ක්) පමණ වේ.

එහෙත් ඉන්දීය රජය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීමට එකඟ වී ඇත්තේ ඉන්දීය රුපියල් බිලියන 3ක (රුපියල් බිලියන 10.5ක) ආධාර මුදලක් පමණි.

ජනප්‍රිය පුවත්  රඛිත සහ චරිත් රිමාන්ඩ්

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩිජිටල් තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා තහවුරු කළේ, ඉදිරිපත් වී ඇති ලංසු මිල ගණන් අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් ඉහළ බවයි.

ඉදිරි පියවර පිළිබඳව තීරණය කිරීම සඳහා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, තේරීම් සිදු කරනු ලබන්නේ අඩුම මිල මත පමණක් නොව තාක්ෂණික හා වාණිජමය අංශයන්හි ඉහළම ගුණාත්මකභාවය සලකා බලා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක හාන්ස් විජයසූරිය මහතා ප්‍රකාශ කළේ, ලංසු මිල ආධාර මුදල ඉක්මවා ගියහොත් දෙපාර්ශවය සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතු බවට දෙරට අතර ඇති අවබෝධතා ගිවිසුමේ ප්‍රතිපාදන පවතින බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇගයීම් කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

මෙම ව්‍යාපෘතිය යටතේ දැවැන්ත දත්ත මධ්‍යස්ථාන දෙකක් සඳහා අවශ්‍ය දෘඩාංග සැපයීම, මෘදුකාංග පද්ධති සකස් කිරීම සහ ඇඟිලි සලකුණු හා ඇස්වල තාරකා මණ්ඩල (Iris) පරිලෝකනය කළ හැකි ජෛවමිතික ලියාපදිංචි කට්ටල 900ක් දිවයින පුරා ස්ථාපිත කිරීම සිදු කෙරේ. වසරක කාලයකින් පසු මෙම පද්ධතියේ මෙහෙයුම් කටයුතු දේශීය තොරතුරු තාක්ෂණ සමාගමක් වෙත පැවරීමට නියමිත අතර, ඒ සඳහා වන ටෙන්ඩර් කැඳවීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ සදහන්ය.

ජනප්‍රිය පුවත්  මෙරට ජනගහණයෙන් 4න් 1ක් දරිද්‍රතාවයෙන්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x