October 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: “ධර්ම විකෘතිය යනු කුමක්ද?” – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

1 min read

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

ලොස් ඇන්ජලීස් හි බටහිර විශ්වවිද්‍යාලයේදී (University of the West) පැවැති මෙම තෙදින වැඩසටහන අතරතුර, ඇමරිකාවේ ධර්ම දූත මෙහෙවරේ නියුතු මහසංඝරත්නය සියක් නමකගේ පමණ සහභාගීත්වයෙන් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක හිමියන් විසින් විශේෂ දේශනයක් පවත්වා ඇත.

“සැබෑ ධර්ම විකෘතිය යනු කුමක්ද?” යන්න තේමාව කරගනිමින් පවත්වන ලද මෙම දේශනයේදී සද්ධම්ම පතිරූපක සූත්‍රය, ‘පුඤ්ඤ පාප පහීනස්ස’ ගාථාවේ නිවැරදි අර්ථය මෙන්ම පෘථග්ජනයන් පිළිබඳ සමාජයේ පවතින මතයන් පිළිබඳවද දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබේ.

තම ධර්මාචාර්ය උතුමන් වහන්සේලාගේ පනස් වසරක අසංඛ්‍ය සේවයට කෙරෙන උපහාරයක් ලෙස මෙම දේශනය ඉදිරිපත් කළ බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x