June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව ගෙනා ගල් අඟුරු නැව් තුනම බාලයි! කොහොමද පට්ට වැඩ්ඩන්ගේ වැඩ!

1 min read

දැනට රට තුළට රැගෙනවිත් තිබෙන ගල් අඟුරු නැව් තුනම ප්‍රමිතියෙන් තොර බවත් ගිවිසුමට අනුව නැව් දෙකක් ප්‍රමිතියෙන් තොර වූ පසු ගිවිසුම් අහෝසි කළ යුතු බව ත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

රට තුළට රැගෙන ආ ගල් අඟුරු නැව් තුනක් ප්‍රමිතියෙන් තොර වී තිබියදීත් ගිවිසුම් අහෝසි නොකර තව දුරටත් ගල් අඟුරු ගෙන්වීමට අවස්ථාව ලබා දී තිබෙන බවටද ඔහු චෝදනා කරයි.

“වසරකට ගල් අඟුරු නැව් තිස් අටක් පමණ අවශ්‍ය වෙනවා. මුහුදේ පවතින රළු ස්වභාවය නිසා අප්‍රේල් මාසයට පෙර ගල් අඟුරු නැව් තිස් අටම ගොඩබා අවසන් කළ යුතුයි. එත් තාමත් ගෙන්වලා තියෙන්නේ නැව් තුනයි, එම නැව් තුනත් ප්‍රමිතියෙන් තොරයි.

ගල් අඟුරුවලින් සිදුවුණ පාඩුව මහ ජනතාව මත පටවන්න හදනවා. පවතින තත්ත්වය පාවිච්චි කරලා හදිසි මිල දී ගැනීම් සිදු කරලා හොරා කන්න හදනවා. සමස්ත පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පටවන් ලෑස්ති වෙනවා. මේ අනුව ඉදිරි කාර්තුවේදී විදුලි බිල සියයට විස්සකින් ඉහළ දමන්න සැලසුම් කරමින් සිටිනවා.

ජනප්‍රිය පුවත්  ඉස්තාන්බුල්හි ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලය අසල වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

බාල ගල් අඟුරු භාවිත කිරීමෙන් යන්ත්‍රවලට බලපෑම් සිදුවෙන්න පුළුවන්. ගල් අඟුරු ගෙන්වීම ප්‍රමාද වුණාම සිදුවෙන්නේ ඩීසල් මාෆියාවෙන් විදුලිය මිල දී ගන්න. එකේ පාඩුවත් ජනතාව මත පැටවෙනවා. බලයට ආවේ පට්ට වැඩ්ඩෝ කියලා කොහොමද පට්ට වැඩ්ඩන්ගේ වැඩ.”

ඊයේ (02) ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ බව ද සඳහන් කළේය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x