අස්වැසුම, ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පිළිගනී.
1 min read
අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ අස්වැසුම ප්රතිලාභිීන්ට අමතර විශේෂ දීමනාව පිරිනැමීමේදී අතපසුවීමකින් ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය අද (07) පිළිගනු ලැබුවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති නිමල් කොටවලගෙදර සදහන් කළේ, එම මුදල් ප්‍රතිලාභීන්ගේ මෙම මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට තීරණය කර ඇති බවයි.
මෙවැනි ගෙවීමක් සිදුව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙන්ම ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පසුගියදා අනාවරණය කළා.
