July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය සේවය බියෙන් !

1 min read

මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ රංග රාජපක්ෂ මහතා සිවිදිවිහානිකරගත් බවට ආණ්ඩුව එලිදක්වා ඇති මතය මේ වන විට රාජ්‍ය සේවකයන් ඇතුළු මුළු මහත් සමාජයම ප්‍රශ්න කරන තත්වයකට පත්ව තිබේ. මරණයට ලක්වූ රංග රාජපක්ෂ මහතාගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට පත් වීමෙන් පසු එය සිවිදිවිහානිකරගැනීමකින් සිදු වූ මරණයක් නොවන බව සැවොම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන තිබේ. තමන් සිදු කළ බරපතළ මූල්‍ය වංචාවක් වසා ගැනීම සඳහා ආණ්ඩුව අහිංසක රාජ්‍ය නිලධාරීන්ගේ ජීවිත බිලිගන්නා තත්වයක් ඇති වී තිබීම පිළිබඳව රාජ්‍ය නිලධාරින් අතර බරපතල සාකච්ඡාවක් මතුව ඇත.

පරිපාලන සේවාවේ සිටින නිලධාරීන් විසින් සකස් කරගෙන ඇති බොහෝ “Whatsapp ගෘෘප්” තුළ මෙම බිය ඵලකරන්නට ඔවුන් පටන්ගෙන ඇත. මේ නිසා කුමන තත්වයක් තුළවත් ආණ්ඩුවේ කවුරු නියෝග කළත් ජීවිතය අනතුරට ඇද වැටිය හැකි ක්‍රියාවන්ට හවුල් නොවී සිටීම සුදුසු ආරක්ෂිත පියවර ලෙස ඔවුන් විසින් නිගමනය කරනු ලැබ තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x